සියලුම රාජ්‍ය සේවකයින්ට සෑම මාස හයකට වරක් ජීවත්වීමට සරිලන වැටුප් වැඩි වීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ප්‍රශ්නය මතුවෙලා තිබෙන බැවින් විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදීමට ජාතික ජන බලවේග ආණ්ඩුව කටයුතු කරන බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා.
කිසිම උසස්වීමක් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාරුවීම් දේශපාලනයට යටත්වෙලා තියෙනවා ඒවත් දේශපාලනයෙන් තොරව සිදුකරනවා. ජීවත් වීමට සරිලන වැටුපක් දෙන්න ඕනේ.
සමහර අය බලනවා එයා වැඩකරනවා නම් ගෙවනවා නැත්නම් ගෙවන්නේ නෑ. එහෙම නෙමෙයි. ඔබ කාර්යයක් කරනවා. එවැනි රාජ්‍ය සේවකයෙකුට සාධාරණ වැටුපක් ලබාදීම රජයේ වගකීම. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාලා තියෙනවා එකපාර 25,000 කතා බොරු.
ඒවා කරනවා නම් රනිල්ට දැන් කරන්න පුළුවන්. අපි එහෙම නෙමෙයි තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් සෑම අවුරුද්දකම මාස 6කට සැරයක් ගණනය කරලා ලබාදීමට අපි සැලසුමක් හදලා තියනවා.”
කොළඹ පැවැති සමුළුවකට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

