Image

අපේ ජයග්‍රහණය නියතයි.. රනිල් – සජිත් පරාජයෙන් බේරේන්න ප්ලෑන් ගහනවා…! – අනුර

ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ රනිල් – සජිත් භීතියට පත්ව පරාජයෙන් බේරීමට සැලසුම් සඳමින් ඇතැයි ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

“දැන් පහුගිය දවස්වල මැතිවරණ වේදිකාවේ ඔබ දකින්න ඇති හැම වෙලාවේම කොහොමද මේ පරාජයෙන් බේරෙන්නේ කියල ඒගොල්ලෝ සැලසුම් කරනවා. තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අයින් වෙලා කිව්වා ඒගොල්ලෝ එකතු වුණේ නැත්නම් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියල. ගිය සතියේ පාර්ලිමේන්තුවේදී මම දැක්කා අරුන්දික ප්‍රනාන්දු කියනවා මාර අනතුරක් වෙන්න යන්නේ ඒගොල්ලන්ට හොඳේ.ඒ නිසා ඒක වළක්වා ගැනීම සඳහා දෙගොල්ල එකතු වෙන්නේ නැත්නම් එයා ස්වාධීන වෙනවා කියල.

දැන් මොකක්ද මේ වෙමින් තියෙන්නේ. ජාතික ජන බලවේගයේ නියත ජයග්‍රහණය හමුවේ ඒගොල්ලෝ විශාල බියකට පත්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ යාපහුවට ගිහින් කියනවා සජිත්ට ගහන කතිරයක් අනුරට දෙන ඡන්දයක් කියල. සජිත් ප්‍රේමදාස ගාල්ලට ගහින් කියනවා රනිල්ට ගහන කතිරයක් අනුරට ගහන කතිරයක් කියල. අපි කියන්නේ මොකක්ද දන්නවද රටේ ජනතවට එක එකා හරහා කතිර එපා. සජිත් හරහා අපිට කතිරය රනිල් හරහා අපට කතිරය අපට එපා.කෙළින්ම මාලිමවට කතිරය ගහන්න.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.