කිසිදු දේශපාලකයෙක් ඉදිරියේ නැමෙන්නේ නැතිව තමන්ගේ තනතුරේ ගෞරවය තියාගෙන රාජකාරී කිරීමට හැකි රටක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“කිසිදු දේශපාලකයෙක් ඉදිරියේ නැමෙන්නේ නැතිව තමන්ගේ තනතුර තමන්ගේ යුනිෆෝම් එක, තමන්ගේ තරුවේ, පටියේ ගෞරවය තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් පොලීසියේ මහත්වරුන්ට හදලා දෙන්න ඕනේ.
අද අපේ රටේ අත්අඩංගුවට ගන්නවද නැත්ද කියලා තීරණය කරන්නේ පොලීසිය නොවෙයි පළාතේ දේශපාලඥයා. ඒක අපි අයින් කරනවා. අපිට බේරා ගන්න හොරුත් නෑ.
අපට බේරා ගන්න අපරාධකාරයොත් නෑ. අද අපේ රටේ කුඩුවලින් විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා. අපි කුඩුකාරයන්ට ණයත් නෑ. බයත් නෑ. අපි මොකටද බය වෙන්නේ.”
අරලගංවිල පැවති ජන රැළියට එක්වෙමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

