මහ ඡන්දෙන් පසු පාර්ලිමේන්තුව පිරිසිදු වන බවත් මිරිස් කුඩු ගේන, පාර්ලිමේන්තුවේ මයික් කඩන, පොත්පත්වලින් ගහගන්න, පුටු කඩන පුද්ගලයින් ඉවත් කර රට හදන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“අපි ඔබට සහතිකයක් දෙන්නම්. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය බිඳකින්වත් හානිවෙන්න ඉඩ නොදී වැඩකටයුතු කරන බව අපි ඔබට සහතික කරනවා. අපේ රටේ කොච්චර ඡන්ද තිබ්බත් මේක තමයි ජනතාව පුනපුනා බලාගෙන ඉන්න මැතිවරණය නැද්ද.? 21කත් කල් වැඩී වගේ හිත්නේ නැද්ද.?
මොකද ඒ තරමට ජනතාවගේ උනන්දුව, උද්යෝගය අපේක්ෂාව ප්‍රබල වෙලා තිබෙනවා. මීට කලින් ඡන්දේ දින ගණින්නේ දේශපාලකයා, ඡන්දේ එනතුර බල බලා ඉන්නේ දේශපාලකයා, හැබැයි ලංකාවේ පළමු වතාවට දේශපාලකයා වෙනුවට ඡන්දේ එන තෙක් මැතිවරණය බලාගෙන ඉන්න මැතිවරණයක් තමයි සැප්තැම්බර් (21) පවත්වන්නේ.
තවදුරටත් ජාතික ජන බලවේගයේ වේදීකාවේ ඉන්න අපි කරන මැතිවරණ ව්‍යාපාරයක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් අපිටත් වැඩිය උවමනාවෙන් මේ මැතිවරණ ව්‍යාපාරය කරට අරගෙන ඉන්නේ මේ ඉදිරිපිට ඉන්න ඔබ. ඔබ අතේ තමයි ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය පවතින්නේ.
මහ ඡන්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පිරිසිදු වෙනවා. මිරිස් කුඩු ගේන, පාර්ලිමේන්තුවේ මයික් කඩන එහෙන් මෙහෙන් පොත්පත්වලින් ගහගන්න, පුටු කඩන. සුද්ද කරන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් මේ රට හදන්න. ඒ නිසා මහ ඡන්දයෙන් මේ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ගෙදර යවමු. ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පුරවමු.
අද අපේ රටේ අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් විශාල ලෙස කලබල වෙලා තියෙනවා. විශාල ලෙස. ඔවුන් කවදාවත් හිතුවේ නෑ මෙවැනි සන්තෑසියක් අපේක්ෂා කළේ නෑ. ඔවුන් හිතුවේ මොකක්ද එක කණ්ඩායමක් ගෙදර යනකොට අනෙක් කණ්ඩායම බලය ගන්නවා.
කල්පනා කරා ආණ්ඩුව වැටෙන කොට ඔටුන්න තමන්ගේ ඔලුවට නිකම්ම වැටෙයි කියලා. නේද.? අර කුණු කාණුවට ඔලුව අල්ලන් හිටියා ඔටුන්න ගහගෙන ඇවිල්ලා වැටෙයි කියලා. වැටුන් නෑ නේ. ඒනිසා මොකද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ වික්ෂිප්ත භාවයට පත්වෙලා තියෙනවා.
ඒගොල්ලෝ කලබලයට පත්වෙලා තියෙනවා. ඒ නිසා තව මේ ඉදිරි දින 10 ඇතුළත ඒ ගොල්ලෝ විශාල කුමන්ත්‍රණයක යෙදිලා තියෙන බව අපට ආරංචි තියෙනවා. විශාල අවලාද අසත්‍ය තොරතුරු බොරු කතා ගොතන්න පටන් අරගෙන තියෙනවා. අහුවෙනවා ද ඒවාට.? නෑ.
මෙච්චර කාලයක් මේ රටේ මැතිවරණ ව්‍යාපාර විශාල බලපෑමක් මාධ්‍යයෙන්. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවහම මාස හයක් දුවන්නේ නෑලු. ඉස්සෙල්ලා කිව්වේ එන්නේ නෑ. දැන් කියන්නේ දුවන්නේ නෑ. පව්.”
කුරුණෑගල පැවැති ජන රැළිය අමතමින් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

