Image

“රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි” අනුර ටිකක් සැර වෙයි.!

රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්, සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්, තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කිරීමට නොහැකි බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

මාලිමාවේ ජයග්‍රහණයෙන් පසුව මාස එක හමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් එහිදී පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසක් ගෙදර යවන බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අපේක්ෂක අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,

“රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්. සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්. තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කරන්න බෑ.. දැනගන්න රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි.. Too late ‘දැන් පරක්කුයි..

අපි ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ පාර්ලිමේන්තුවේ කුණුහරුප වලින් කෑ ගහනවා. මිනි මරලා හිරේ ගියපු, කප්පම් අරගෙන හිරේ ගියපු ත්‍රාඩයන්ගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඕනේද මේ වගේ පාර්ලිමේන්තුවක්.  

මාස එකහමාරක් ඇතුළත මහ ඡන්දේ තියනවා.. මේ ඉන්න පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා. අනිත් හැම එකක්ම සජිත් කොපි කරනවා. මේ ටික කොපි කරන්නේ නෑ.”

ජන රැළියක් අමතමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.