හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ඡන්ද ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණ පාක්ෂිකයා නොවන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
එනිසා එළඹෙන ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද ලක්ෂ 70 ඉක්මවන බවත් එය දේශපාලනිකව බලනවිට 60% – 70%ට කිට්ටු වීමට හැකි බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
අපේක්ෂක අනුර කුමාර දිසානායක තවදුරටත් සදහන් කළේ,
“ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි. එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද.
පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්.”
කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.