Image

මහින්දගේ පණ කෙන්ද අනුරගේ කරේ තියයි.!

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා පැවසූවේ ලොව පැවැති මිලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවැට්ටවූ වර්තමාන ආණ්ඩුව එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් නිසැකවම වගකිව යුතු බවයි.

එහිදී නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ වැඩිදුරටත් පවසා සිටියේ, රටේ ජාතික ආරක්ෂාවට පිළිබඳව නිසි ඇගයීමක් නොකර ජාතික ආරක්ෂාව යටපත් කරන තීන්දු රාශියක් වර්තමාන ආණ්ඩුව මේ වන විට ගෙන ඇති බවයි.

ජාතික ආරක්ෂාව තුට්ටුවට මායිම් නොකර ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන වර්තමාන ආණ්ඩුව මිලේච්ච ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන්න අමතක කර ඇති බවද සඳහන් කළේය.

වත්මන් රජය මෙහෙයවන බටහිර කුමන්ත්‍රණකාරී බලවේගවල න්‍යාය පත්‍රයට ආණ්ඩුව ගමන් කරනවා යන්න මෙවැනි තීරණ වලින් සනාථ වන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය පිළිබඳව යම්කිසි තර්ජනාත්මක කාරණයක් සිදුවුවහොත් වර්තමාන රජය එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවත් ොහු අවධාරණය කළේය.

TRENDING POST