Image

තව අවුරුද්දයි.. නැවතත් ජනපති රනිල්.!

එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි. හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ඉදිරියටත් රට පාලනය කරන්නේ පසුගිය දින 42 ක කාලය තුළ සිදුකළ ආකාරයට නම් තවත් වසරක් තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ගෑස් සිලින්ඩරය කණ්ඩායමට මෙරට පාලනය භාරගැනීමට සිදුවන බවයි.

වත්මන් රජය පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුව , බ්‍රික්ස් සමුළුව වැනි මෙරටට ඉතාම වැදගත් ජාත්‍යන්තර සමුළු මඟහරිමින් සිටිනා බවත් ඉදිරියටත් එම ප්‍රතිපත්තිය අනුගමනය කළහොත් මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම සැකසහිත බවද ඔහු අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ජනහමුව සංවිධානය කර තිබු අතර ඒ සඳහා තලතා අතුකෝරල , මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු අපේක්ෂකයන් ‍රැසක් සහ පළාත් සභා සහ පළාත් පාලන ආයතන වල හිටපු නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.