Image

වන්දිය මාරයි.. සාදය හමාරයි.. කාපුවා වමාරයි.!

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අරගල සමයේදී හානි වූ දේපළ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීම පිළිබඳව රජය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම වන්දි තක්සේරු කිරීමේදී නිලධාරීන්ට අනිසි බලපෑම් සිදුකර තමන්ට අවශ්‍ය අයුරින් වන්දි මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව අමාත්‍යවයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ රටේ ස්වාභාවික ආපදාවකින් විපතට පත් වූ කෙනෙකුගේ පුර්ණ හානියක් වෙනුවෙන් වන්දි ලබා දෙන්න තියෙන්නේ රුපියල් ලක්ෂ 25 ක් පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හානියට පත් දේපළ තක්සේ කරු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රා දේශීය ලේකම්වරු හා තක්සේරුකරුවන් එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ප්‍රසන්න රණතුංග විසින් 2022/11/15 පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා.

හානියට පත් පාර්ශවයට බෑ හානිය තක්සේරු කරන පාර්ශ්ව කැඳවලා උපදෙස් දෙන්න. නමුත් වන්දි ලබා ගන්න අය ආණ්ඩුවේ අය නිසා තමන්ගේ බලය භාවිත කරලා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා.

ඒ අනුව තක්සේරු කර ගෙවීම් කරන ලද වන්දි වල ලේඛණයක් තබයි අපි ඉදිරිපත් කලේ. රුපියල ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 980 දක්වා තක්සේරු කරලා තිබුණා. තවත් ප්‍රා දේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් පවතිනවා.

තක්සේරුව ගැන ආන්දෝලනයක් පවතිනවා. මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. රජයත් බලාපොරොත්තු වනවා තක්සේරුව හා වන්දි ලබා දීම ගැන විමර්ශනයක් කරන්න.”

පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය, ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා පැවසූවේ මෙම වන්දි මුදල් ලබාදීමේදී සම්පූර්ණයෙන්ම පනතට පටහැනිව වන්දි මුදල් නිර්දේශ කර ඇති බවත් එම මුදල් නැවත අයකරගැනීම සඳහා විමර්ශනයක් සිදුකල යුතු බවත් ය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.