Image

ගෝඨාගේ වික්‍රමයෙන් 6000ක් ගෙදර.. 2000ක් එතෙර.!

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසන්නේ 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ආරම්භ වූ අරගලයෙන් පසු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 6000කට ආසන්න පිරිසක් විවිධ හේතු මත දේශපාලනයෙන් සමුගෙන ඇති බවයි.

ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ අරගලයෙන් පසු බොහෝ දේශපාලඥයන්ට තමන්ගේ ජයග්‍රහණ ගැන අවිශ්වාසයක් මතු වීම හේතුවෙන් දේශපාලනයෙන් මෙසේ සමුගෙන ඇති බවයි.

එමෙන්ම විවිධ තරාතිරම්වල දේශපාලඥයන් සහ දේශපාලනයට සම්බන්ධ තවත් 2000කට අසන්න පිරිසක් මෙරට හැරදා වෙනත් රටවල් කරා ගොස් ඇති බවද නිරීක්ෂණ සංවිධාන විසින් තොරතුරු අනාවරණය කර ඇත.

හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසූවේ, තවත් දේශපාලන පක්ෂ 30ක් පමණ වෙනත් පක්ෂ පිහිටුවා ගැනීම, වෙනත් පක්ෂ සමඟ එකතු වීම යනාදී විවිධ හේතු මත පසුගිය කාලයේදී අක්‍රිය වී ඇති බව‍යි.

පසුගිය නාමයෝජනා කැඳවුණු පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයෝ 80000 වැඩි පිරිසක් ඉදිරිපත් වූ නමුත් ඉන් අපේක්ෂකයන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට එම මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ වල නොමැති බවද අනාවරණය වී ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.