Image

ත්‍රිවිධ හමුදාවන්හි සාර්ථකත්වය සඳහා පුළුල් වැඩසටහනක්.!

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රය සදහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩකාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කළ හැකි තාක්ෂණිකව දියුණු සහ මානව කේන්ද්‍රීය බලවේගයක් වීමයි. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සදහා අපි ආරක්ෂක අංශයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ යුතුය.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (10) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් අමතමින් මෙම අදහස් පළ කළේය.

තවද, අපගේ මාතෘභූමිය ප්‍රධාන සමුද්‍ර වෙළඳ මාර්ග වල සන්ධිස්ථානයක සුවිශේෂී ලෙස ස්ථානගත වී ඇත. මෙම උපාය මාර්ගික පිහිටීම අති විශාල ආර්ථික අවස්ථා ලබා දෙන අතරම, සැලකිය යුතු ආරක්ෂක අභියෝගද ඉදිරිපත් කරයි. ත්‍රස්තවාදය, කැරලි, සමුද්‍ර මංකොල්ලකෑම් සහ ස්වාභාවික විපත් දක්වා වූ පුළුල් පරාසයක තර්ජන වලට විසඳුම් සෙවීමට අප සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කරයි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සේනාවිධායක, මේජර් ජෙනරල් කපිල දොලගේ විසින් විද්‍යාලය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා පිළිගත් අතර ඔහුව පාඨමාලා අංක 18 හි ශිෂ්‍ය නිලධාරීන් ඇමතීමට Maroon ශාලාව වෙත කැටුව යන ලදි.

මෙම අවස්ථාවේදී, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) තම වටිනා දැනුම මෙම එක් අවුරුදු මාණ්ඩලික පාඨමාලා විෂය මාලාව සම්පූර්ණ කරන ශ්‍රී ලංකාවේ සහ විදේශීය සන්නද්ධ හමුදාවන්හි තරුණ වෘත්තීය නිලධාරීන් සමඟ බෙදාගන්නා ලදි.

TRENDING POST