Image

ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා.

මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා තිබෙනවා.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ.

TRENDING POST