Image

රටේ පුරවැසියාගේ ආරක්ෂාව ප්‍රමුඛතම වගකීමයි.!

රටක වස්තුව රටේ පුරවැසියන්. හමුදාවක වස්තුව හමුදා පුද්ගලයන්. රටේ හමුදාව ලෙස අපගේ ප්‍රමුඛතම වගකීම රටේ පුරවැසියාගේ ආරක්ෂාවයි.

ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරය සනිටුහන් කරමින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (16) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී මේ බව සදහන් කරයි.

නව රජයක් ලෙස තැබු පළමු වන පියවර ලෙස, Clean Sri Lanka වැඩසටහන හරහා රටේ පුරවැසියන්ගේ ආ කල්ප පිරිසිදු කරමින් ඒ ඔස්සේ රටේ පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරමින් රටේ ඉදිරි පරම්පරාව සඳහා යහපත් රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර අවසන්.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම කර්තව්‍යයෙහිලා ප්‍රධානතම වගකීම උසුලන රාජ්‍ය ආයතනයයි. භට පිරිස් අමතමින් මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සම්මාන පෙළපාලියක් පිරිනමමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පිළිගන්නා ලදී.

අනතුරුව, යුද හමුදාධිපති විසින් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දීම සිදු කරන ලදී.

ඉන් අනතුරුව, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සහ යුද හමුදාපතිවරයා කෙටි සුහද සාකච්ඡාවක නිරත වෙමින් අදහස් හුවමාරු කර ගත්හ. මෙම සුහද හමුව අවසානයේ මේජර් ජෙනරල් ජයසේකරගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ද සාකච්ඡාවක් පැවැත්විණි.

TRENDING POST