හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් කල් වැරදි තීන්දුවක් අරගෙන නැති බවත් ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීමේ අවස්ථාවේදී ද ඔහු එවැනි වැරදි තීන්දුවක් නොගනු ඇති බව තමන් විශ්වාස පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 29 දින පෙරවරුවේ පැවසීය.
ගල්කිරියාගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් සේමසිංහ මහතාගේන් ජනාධිපති මැතිවරණය පිළිබඳව විමසීමේ දී ඔහු මේ බව පැවසීය.
දැඩි අර්බුදයක පැවති අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතාට රට භාරදී රට සන්සුන් කිරීමට හිටපු ජනාදීධිපතිවරයාට හැකි වූ බවත් ඒ අනුව ඉදිරි මූල්‍ය කළමනාකරණය සඳහා ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූයේ සේමසිංහ මහතා කියා සිටියේ මෙම ජනාධිපතිවරණය තීන්දු කෙරෙන්නේ 2022 වසර වල තිබුණු තත්ත්වයට ගමන් කරනවා ද එසේත් නොමැති නම් මෙම නව පාලනය යටතේ රට ස්ථාවරව පවත්වාගෙන යනවාද යන්න පමණක් බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව ඉදිරි දැක්මක් සහ මූල්‍ය කළමනාකරණයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැවසු ඔහු කිවේ අරගලයට මුවාවෙලා ඇතැම් කණ්ඩායමක් රටේ බලය ලබා ගැනීමට උත්සාහ කළේ පාර්ලිමේන්තුව ගිනි තබා විනාශ කරමින් බවත් එය පාලනය කර නොගත්තා නම් මේ වන විටත් රට මිල්ටරි පාලනයකට ගොස් ඇතැයි පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය බහුතර චන්ද ප්‍රමාණය ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් ජාතික ජන බලවේගය ප්‍රචණ්ඩත්වය පතුරුවමින් කියා සිටින්නේ අධිකරණ බලය පවා ගමට ලබා දෙන බවය.
කෙසේ වෙතත් අස්වැසුම තෝරා පත් කර ගැනීම පවා ගමට ලබාදීම සිදුකරන බව සඳහන් කළේය.
තම මිත්‍ර මන්ත්‍රීවරයෙකු වෙන හේෂා මන්ත්‍රීවරයා විරුද්ධවාදීන් ගස් බඳින බවට ප්‍රකාශ කොට විරුද්ධවාදීන් ගස් බැඳ මෙම රට ඉදිරියට රැගෙන යෑමට හැකියාවක් ඇත්ද ඇයි සේමසිංහ මහතා පැවසීය.
රටේ අස්ථාවර වුණු අවස්ථාවේදී බලය ලබා ගෙන රට නිවැරදි මඟට ගැනීමට නොහැකි වූ පිරිස් නැවත බලය ඉල්ලා සිද්ධ කරන්නට යන්නේ කුමක්දැයි ඒ මහතා ප්‍රශ්න කළේය.