Image

ආශු දසවෙනි පාර්ලිමේන්තුවේ කන්‍යාභාවය පිරික්සයි.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් අයැදුම්පත් තුනක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති යන නිලධාරීන්ගෙන් තමා මෙම ඉල්ලීම් සිදුකළ බවයි.

ආශු මාරසිංහ මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉදිරිපත් කරන ලද මෙම අයැදුම් පත්‍රයේ 2024 මහ මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු 225 දෙනා ඉදිරිපත්කර ඇති අධ්‍යාපන සුදුසුකම් රැකියාව හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ලෙස සඳහන් සඳහන් කර ඇත.

TRENDING POST