Image

ආශුට අලියා පයින් ගහලා.!

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසන්නේ තමා එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් ඉවත් කොට ඇති බවයි.

ආශු මාරසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වෙනුවෙන් ඔහුගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කර නොමැති බව ඔහු පවසයි.

මහ මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය පක්ෂය සමඟ එකට එක්විය යුතු යයි තමන් ඇතුළු පක්ෂයේ පිරිසක් දැඩි ස්ථාවරයක සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පක්ෂයේ කිහිපදෙනෙකු එයට දැඩි ලෙස විරුද්ධ වූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී පවසයි.

ඒ සම්බන්ධයෙන් මත ගැටුමක් පැවතිය නමුත් තමන් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළේ කුමන හේතුවක් නිසාදැයි මේ දක්වා තමන් දැනුවත් කර නොමැති බවත් ඔහු පවසයි.

පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඇයද යම් ගැටළුවක් ඇති බව සඳහන් කළ ද එය කුමක්දැයි තමන්ට හෙළි නොකළ බව මාරසිංහ මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.