ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා අමෙරිකාව ඉවත් කර ගනී

ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා අමෙරිකාව ඉවත් කර ගනී

ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා. පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවා. ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනුයි එම සංචාරක සීමාවන් පැනවීම සිදුකළේ. කෙසේවෙතත් අදාළ සීමාවන් මේ වන විට ඉවත්කර…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (14) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව සඳහන්. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්…

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය පීරයි.!

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය පීරයි.!

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලයහෙට (14) දක්වා ක්‍රියාත්මක බවත් මැතිවරණය පැවැත්විමට අවශ්‍ය ආරක්ෂාව මේ වන විටත් සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. මෙම නිහඬ කාලය තුළ තමන් දිවයින පුරා ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතුවල නිරතවන බවත් නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය නිරීක්ෂණය සදහා විශේෂ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති…

මුරණ්ඩු සහල් මිල මට්ටු කරන නව රජයේ තිරසාර විසඳුම.!

මුරණ්ඩු සහල් මිල මට්ටු කරන නව රජයේ තිරසාර විසඳුම.!

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.එල් සන්දික මහතා පැවවූවේ මහා පරිමාණ වී මෝල් හිමියාගේ සිට කුඩා පරිමාණ වී මෝල් හිමියා දක්වා සියලු දෙනාම ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර, එලෙස ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ට වී තොග රැස් කිරීමට නොහැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. එලෙස…

කාලගුණය වෙනස් වෙයි

කාලගුණය වෙනස් වෙයි

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුල අඩු පීඩන කළාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. උතුරු සහ…

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.!

විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් (14) වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් නොකරන බව සදහන් කරයි. ඒ අනුව එදින සියලු සේවා කවුළු හා මාර්ගගත සේවය ක්‍රියාත්මක නොවන බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මෙහෙමයි.. කොමිසමෙන් විශේෂ නිවේදනයක්.!

ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මෙහෙමයි.. කොමිසමෙන් විශේෂ නිවේදනයක්.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන (14) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ, “තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද…

දරුවන් ගැන අවධානයෙන් සිටින්න.!

දරුවන් ගැන අවධානයෙන් සිටින්න.!

මේ දිනවල දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් වාර්තා වන බවත් දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතීනම් ඒ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ, “පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයි ළමයි අතර උණ රෝගය වැඩි වුණා. වෛරස්…

මැතිවරණයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනූදහසක්

මැතිවරණයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් අනූදහසක්

මෙවර මහා මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් යෙදවීමට සැළසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. ඒ අනුව එම ආරක්ෂක නිළධාරීන් අද (12) සිට රාජකාරි කටයුතු සඳහා යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ. ඒ සඳහා පොලිස් නිලධාරීන් 63,145ක් යෙදවීමට නියමිතයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්…

සුරාසැල් වසා දැමේ.!

සුරාසැල් වසා දැමේ.!

සුරා බදු දෙපාර්තමේන්තුව පවසන්නේ මහ මැතිවරණය හේතුවෙන් දින 2 ක් එනම් එලඹෙන 14 සහ 15 දා සුරාසල් වසා තැබීමට ගියමිත බවයි. නොවැ 14 වෙනිදා මහ මැතිවරණය පැවතීමත් ඊට පසු දින පොහොය යෙදී තිබීමත් හේතුවෙන් එම දින දෙකම සුරාසල් වසා තැබීමට තීරණය කළ බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.