කොළඹ කලාපයේ සියලු පාසල් අදත් නිවාඩු

කොළඹ කලාපයේ සියලු පාසල් අදත් නිවාඩු

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බස්නාහිර පළාත් වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසන්නේ.

ජනතාවට සහන දෙන්න IMF විරුද්ධ නෑ… ණයක් අරන් ක්ෂණික සහන දෙනවා…! – මහාචාර්ය අනිල් ජයන්ත…

ජනතාවට සහන දෙන්න IMF විරුද්ධ නෑ… ණයක් අරන් ක්ෂණික සහන දෙනවා…! – මහාචාර්ය අනිල් ජයන්ත…

ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතාව හිමිව ඇති බව ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරද්දි පැහැදිලි කරමින් සිටියා අපේ රටේ ආර්ථිකය නැවත පුනර්ජීවනයට හරවන්න නම් රටේ මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙන දේ අරන් දෙන්න ඕනේ. ගොවියාට පොහොර ටික ලැබෙන්න…

ජනපතිට දින හතක් කල් දෙයි.. පාස්කු වාර්තාව ප‍්‍රසිද්ද නොකලොත් ගම්මන්පිල ප‍්‍රසිද්ද කරයි

ජනපතිට දින හතක් කල් දෙයි.. පාස්කු වාර්තාව ප‍්‍රසිද්ද නොකලොත් ගම්මන්පිල ප‍්‍රසිද්ද කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කල පසු අනුර පානයෙන් මත්ව සිටින…

පසුගිය රජයේ තීරණ අත්හිටුවයි.!

පසුගිය රජයේ තීරණ අත්හිටුවයි.!

පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිවේග ගත කිරීමට පිහිටවු ඒකකයේ රාජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කර තිබුණේය. එහෙත් නව ජනාධිපති අනුර දිසානායක එම ධුරයට පත් වීමෙන් පසු අදාළ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග මහ මැතිවරණය අවසන් වූ පසුව ගැනීමට නියමිතව ඇත. ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය මහ මැතිවරණය…

අවුරුදු 77කට පසුව නිදහස් උත්සවයේ අලුත්ම වෙනසක්.!

අවුරුදු 77කට පසුව නිදහස් උත්සවයේ අලුත්ම වෙනසක්.!

එළඹෙන 2025 වසරේ ජාතික නිදහස් උත්සවය රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව අගමැතිනි හරිනි අමරසූරිය සදහන් කළාය. අගමැතිනි හරිනි අමරසූරිය සදහන් කළේ, “මෙතෙක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස…

රජයෙන් තවත් මිලියන 50ක්..ලැබෙන පිරිස මෙන්න

රජයෙන් තවත් මිලියන 50ක්..ලැබෙන පිරිස මෙන්න

 ශ්‍රී ලංකා බලධාරීන් අනාවරණ කර ඇත්තේ, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 158,391 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. මාධ්‍ය හමුවකදී නිලධාරීන් ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයින් පවුල් 40,516 කට අයත් බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89කට බලපෑම් එල්ල වී තිබේ. ඒ සඳහා අතිරේකව විපතට පත් ජනතාවට සහන සැලසීමට මිලියන 50ක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ අඩුවීමක්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ අඩුවීමක්

ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවය. එමෙන්ම පසුගිය 11 සහ 10 වෙනිදා මි.මී 200 ඉක්මවූ වැසි ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ බවද ඔහු පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…

හෙට දිනයේ පාසල් රැසකට නිවාඩු ලබාදෙයි.!

හෙට දිනයේ පාසල් රැසකට නිවාඩු ලබාදෙයි.!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. පාසල්වලට නිවාඩු ලබාදීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (15) දිනයේත් වසා තැබීමට…

දැන් ගොඩක් වයසයි, ඒකයි ලැයිස්තුවෙන් එන්නේ – ගාමිණී ලොකුගේ

දැන් ගොඩක් වයසයි, ඒකයි ලැයිස්තුවෙන් එන්නේ – ගාමිණී ලොකුගේ

සිය ශරීරය තමාට ඉඩ ලබා නොදීම හේතුවෙන් තමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ඒ හේතුවෙන් තමා ජාතික ලැයිස්තුවෙන් පැමිණෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, “අපි විවිධ ක්ෂේත්‍ර වලින් දැනුම තියෙන බුද්ධිය තියෙන අයව ඉදිරිපත්…

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක් තිබු තමාගේ නම පක්ෂයෙන් ඉවත් කර තිබෙන බවත් තමා මැතිවරණයෙන් ඉවත් නොවු බවත්ය. මැතිවරණවලට බයේ පැන නොයන බව පැවසු ප්‍රේමසිරි මහතා පක්ෂයට දින කිහිපකට පෙර පැමිණි අය සඳහාද අවස්ථා ලබා…