වැස්ස වෙනස් වෙයි

වැස්ස වෙනස් වෙයි

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද…

අශේන් දොට්ට. මැතිවරණ කොමිසම ඇතුළේ කළබලයක්

අශේන් දොට්ට. මැතිවරණ කොමිසම ඇතුළේ කළබලයක්

පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම හේතුවෙන් ස්වාධීන අපේක්ෂක අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අශේන් සේනාරත්න මහතා පවසා සිටියේ සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව නීතියමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ලක් අම්මා ජාතික ලැයිස්තුවෙන් හැලෙයි

ලක් අම්මා ජාතික ලැයිස්තුවෙන් හැලෙයි

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි. ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි. දමිතා අබේරත්න ඊයේ (10) මාධ්‍යට පැවසුවේ තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට…

අදත් වැස්ස

අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ…

රාජපක්ෂවරු අවසන් තුරුම්පුවත් අදියි.. එක් මන්ත්‍රී ධූරයක් බේරාගැනීමේ මෙහෙයුමක.!

රාජපක්ෂවරු අවසන් තුරුම්පුවත් අදියි.. එක් මන්ත්‍රී ධූරයක් බේරාගැනීමේ මෙහෙයුමක.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු පැවසූවේ එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මහමැතිවරණයට තරඟ නොකරන බවයි. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නාමල් රාජපක්ෂ මහතාද මහමැතිවරණයේ අපේක්ෂකයෙකු නොවන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ැති බව වාර්තා…

මඩ මුද්දර බලකායට තැපෑලෙන් පිළිතුරු ලැබෙයි.!

මඩ මුද්දර බලකායට තැපෑලෙන් පිළිතුරු ලැබෙයි.!

තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවත් එවැනි මුද්දර නිකුත් කරනු ලබන්නේ හුදෙක් සිහිවටනක් ලෙස පමණක් බවත් ය. එමෙන්ම මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බව එම නිවේදනයේ…

ශානිට අලුත් කොන්ත්‍රාත්තුවක්.!

ශානිට අලුත් කොන්ත්‍රාත්තුවක්.!

ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසරක කාලයක් සඳහා හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොන්ත්‍රාත් පදනම මත නැවත පොලිස් සේවයට පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් භාරව කටයුතු කළ විමර්ශන නිලධාරීන් ලෙස ශානි අබේසේකර මහතා හැඳින්විය හැකිය. මෙරට කීර්තිමත් අපරාධ විමර්ශකයෙකු ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ…

තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න.!

තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න.!

පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතය. අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර්…

අනුරගේ ෆොටෝ දාන්න කලින් අපිට කියන්න

අනුරගේ ෆොටෝ දාන්න කලින් අපිට කියන්න

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක උපදෙස් ලබා දී තිබෙනවා. රජයේ අරමුදල් ලබාගනිමින් සිදුකරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවයි ජනාධිපති…

ජනතාව ගැන කළකිරුණු සේමසිංහත් අවසන් ලිපිය ලියා සමුගනී.!

ජනතාව ගැන කළකිරුණු සේමසිංහත් අවසන් ලිපිය ලියා සමුගනී.!

2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයෙක් වන හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවයි. ශෙහාන් සේමසිංහ මහතා 2020 මහ මැතිවරණයේදී මනාප 119,878ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්විය. පසුගිය වසරේ ආර්ථිකයේ පැවැති තත්ත්වයන්…