සඳුදා සිට රුපියල් 25,000ක සහනාධාරයක්.!

සඳුදා සිට රුපියල් 25,000ක සහනාධාරයක්.!

එළඹෙන සඳුදා සිට රුපියල් 25,000ක පොහොර සහනාධාරය වී ගොවීන් සඳහා ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි. පොහොර සහනාධාරය ලබාදීම සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් අනතුරුව පොළොන්නරුව, අනුරාධපුර, මහියංගනය, මහවැලි කලාපවල ගොවිජනතාවට ලබාදෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍ය විජිත හේරත් තවදුරටත් සදහන් කළේ, “මේ මහ කන්නය අරම්භ වෙන්නේ. ලබන සතියේ සඳුදා වෙනකොට…

මහින්ද සහ නාමල්ට ජීවිත තර්ජන.. අවි ආයුධ ආපසු ගන්න එපා.!

මහින්ද සහ නාමල්ට ජීවිත තර්ජන.. අවි ආයුධ ආපසු ගන්න එපා.!

ලබාදුන් අවි ආයුධ යළිත් රජයට භාර ගැනීම තුළින් මේ වනවිට ජීවිත තර්ජන මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සදහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට තවදුරටත් ජීවිත තර්ජන තිබෙන බවට පසුගිය මැතිවරණ සමයේ බුද්ධි අංශ විසින් දැනුම් දුන් බවද සාගර කාරියවසම් සදහන් කරයි….

මැතිවරණයට පෙර සමාජ මාධ්‍ය ගැන තීරණයක්.?

මැතිවරණයට පෙර සමාජ මාධ්‍ය ගැන තීරණයක්.?

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව භාවිතා කරන්නේදැයි සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය සදහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය වැරදි ආකාරයට භාවිත කළ බැවින් එළඹෙන මහ මැතිවරණ සමයේදී මැතිවරණයට බලපෑම් ඇති විය හැකි වෛරිය ප්‍රකාශ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවද සදහන් කරයි. එළඹෙන මහ මැතිවරණයට අපේක්ෂකයන්…

ජනපති අනුරට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකාව සුදානම්.!

ජනපති අනුරට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකාව සුදානම්.!

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවේ සදහන් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAID) මඟින් ලබාදිය හැකි මූල්‍ය සහයෝග ලබාදීමට සූදානම් බවද ඇමෙරිකා තානාපතිනිය සදහන් කළාය. ජනාධිපති අනුර…

ඉදිරි දින කිහිපය අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!

ඉදිරි දින කිහිපය අවදානම්.. කාලගුණයෙන් අනතුරු අඟවයි.!

මේ වනවිට ශ්‍රී ලංකාවට ඉහළින් අන්තර් නිවර්තන අභිසාරී කලාපයක් නිර්මාණය වී ඇති බැවින් අධික වර්ෂාව තවත් දින 05 කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. පවතින…

මම රටේ කොහෙන් ඉල්ලුවත් දිනනවා.. රත්නපුරට විසිවූ දමිතා කියයි.!

මම රටේ කොහෙන් ඉල්ලුවත් දිනනවා.. රත්නපුරට විසිවූ දමිතා කියයි.!

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී තමා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බවයි. තම ස්වාමිපුරුෂයාගේ මාපියන් රත්නපුර බැවින් තමාට රත්නපුර සමඟ සම්බන්ධකමක් පවතිනා බවත්, ඒ කෙසේවෙතත් කලාශිල්පිනියක් ලෙස තමාට ජනතාව ආදරය කරනා බැවින් රටේ ඕනෑම දිස්ත්‍රික්කයකින් තරඟ කර ජයග්‍රහණය කිරීමටද හැකියාව පවතින බවත් ඇය පවසයි. අද…

පාස්කු ප්‍රහාරයට වියදම් කළේ කවුද කියල අපට දැනගන්න ඕන..! – කාදිනල්තුමා

පාස්කු ප්‍රහාරයට වියදම් කළේ කවුද කියල අපට දැනගන්න ඕන..! – කාදිනල්තුමා

පාස්කු ප්‍රහාරය සඳහා අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබා දුන්නේ කවුද සංවිධානය කළේ කවුද අනුබල දුන්නේ කවුද යන්න තමන්ට දැනගත යුතු බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි. ඒ සඳහා විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්වීමට කෙතරම් උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි, කාදිනල්තුමා සඳහන් කළේ. අවුරුදු ගණනාවක් විවිධ නායකයන් යටතේ උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවත් එහෙයින්…

දිය හැලිය රත්වෙන කල් නටපල්ලා… ආණ්ඩුවක් හදලා ම හොරු අල්ලනවා…! – සමන්ත විද්‍යාරත්න

දිය හැලිය රත්වෙන කල් නටපල්ලා… ආණ්ඩුවක් හදලා ම හොරු අල්ලනවා…! – සමන්ත විද්‍යාරත්න

ඉදිරි මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා ඉතා කඩිනමින් දූෂිතයින්ට, වංචනිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. “අපට කියන්න තියෙන්නේ ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ කියලා. නොවැම්බර් 14 වෙනිදා හොඳටම හැලිය රත්වෙනවා. හැලිය රත්වෙලා ජනතාවාදී බහුතරවාදී බහුතර පාලනයක් මේ රටේ බිහිවෙනවා. බිහිවුණාට පස්සේ ඒ කට්ටියට අදාළ නීතිමය…

“රනිල්ගේ වැඩපිළිවෙල අකුරක්වත් වෙනස් නොකරන්න ජනාධිපති එකග වුණා.. IMF පනත් ටික ඒ විදිහටම සම්මත කරනවා” –  නිමල් ලාන්සා

“රනිල්ගේ වැඩපිළිවෙල අකුරක්වත් වෙනස් නොකරන්න ජනාධිපති එකග වුණා.. IMF පනත් ටික ඒ විදිහටම සම්මත කරනවා” – නිමල් ලාන්සා

ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සම්බන්ධයෙන් මැතිවරණයට පෙර කියූ දේවල් සිදු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය. නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව, වැල්ලවීදිය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආර්ථික කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගියදා හමුවුනා. මැතිවරණයට පෙර…

අනුර, සජිත්, රනිල්ට කොමිසම අනතුරු අඟවයි.!

අනුර, සජිත්, රනිල්ට කොමිසම අනතුරු අඟවයි.!

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින් 34 දෙනෙකු තවමත් සිය ප්‍රචාරක වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බවයි. එම අපේක්ෂකයින් 38 දෙනාගෙන් මැතිවරණ කොමිෂන් සභාව නියම කර ඇති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කර ඇත්තේ අපේක්ෂකයින් හතර දෙනෙක් පමණක් බවද කොමිෂන් සභාව නිවේදනය කර ඇත. සිය වියදම් වාර්තා මේ වනවිට ඉදිරිපත්…