මහ මැතිවරණයේදී රනිල් පෙරමුණ ගනී.!

මහ මැතිවරණයේදී රනිල් පෙරමුණ ගනී.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සදහන් කරයි. විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් ඇති අතර මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය…

පොහොට්ටුව අලුත්ම සෙල්ලමක.. ලකුණේ වෙනසක්.?

පොහොට්ටුව අලුත්ම සෙල්ලමක.. ලකුණේ වෙනසක්.?

එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පමණක් නව සන්ධාන බිහිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි. එළඹෙන මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය වුවහොත් ජයග්‍රහණය වෙනුවෙන් ලකුණේ වෙනසක් කළ හැකි බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි. පරණ කණ්ඩායම සහ අලුත්…

මගේ පාර්ලිමේන්තු ගමන වලක්වන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.! – හර්ෂද සිල්වා

මගේ පාර්ලිමේන්තු ගමන වලක්වන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි.! – හර්ෂද සිල්වා

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමාව පාර්ලිමේන්තුවට යෑම වැළැක්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේග හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කරයි. තමන්ව කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මේ වනවිට තමාට හතර වටෙන්ම පහර දෙමින් සිටින බවද හිටපු මන්ත්‍රී හර්ෂද සිල්වා සදහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අවසානයේදී හිටපු මන්ත්‍රී හර්ෂද…

එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ යළි අරඹයි.. තරාතිරම නොබලා දැඩි දඬුවම්.!

එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණ යළි අරඹයි.. තරාතිරම නොබලා දැඩි දඬුවම්.!

රටේ මහත් ආන්දෝලනයට තුඩුදුන් අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත. පොලිස් මූලස්ථානයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් දේශපාලන බලපෑම් මත යට ගැසූ එම අපරාධ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු…

හිටපු ජනපති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් රැසක් දේශපාලනයෙන් සමුගනී.!

හිටපු ජනපති ඇතුළු ප්‍රබල අමාත්‍යවරුන් රැසක් දේශපාලනයෙන් සමුගනී.!

පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබල මන්ත්‍රීවරුන් රැසක් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ නොකර දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය අලි සබ්රි, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, තිස්ස විතාරණ, ජෝන් සෙනෙවිරත්න මහ මැතිවරණයට තරඟ නොකර සිටීමට තීරණය…

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන මහ මැතිවරණයට තරග නොකිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. රට තුළ ඇති වී තිබෙන දේශපාලන අවාසිදායක තත්ත්වයත්, සෞඛ්‍ය තත්ත්වය, සිය වයස පිළිබඳවත් සලකමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි කාලය විශ්‍රාම සුවයෙන් ගත කිරීම…

සරුංගල් යවන්නේ බලාගෙනයි

සරුංගල් යවන්නේ බලාගෙනයි

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ අටලුගම කුරුඳුවත්ත පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක්. පොලිසිය සඳහන් කළේ ඔවුන් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති බවයි. තුවාලකරුවන් දෙදෙනා සහ තවත් දරුවෙක් එක්ව බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල්…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය. අද දින (07) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි…

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පොහොට්ටුවේ සම්මුඛ පරීක්ෂණ ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින නවක  අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඊයේ (05) ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පොදු ජන පෙරමුණෙන් නවකයින්ට, තරුණයින්ට සහ කාන්තාවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. ඒ අනුව, නාමයෝජනා පත්‍ර භාර දීම ලබන 09, 10,11 දිනවල…

එජාපයේ අන්තිම තුරුම්පුව අලියා ලකුණින්.!

එජාපයේ අන්තිම තුරුම්පුව අලියා ලකුණින්.!

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සදහා අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සිදුකළ සාකච්ඡා වල අවසන් ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. කෙසේ වෙතත් ලබන මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තම අලියා ලකුණ ඉවත් කර…