සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කරයි

සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ සියලු මන්ත්‍රීවරුන්ගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසි වී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි සේනාධීර මහත්මිය පවසනවා. කෙසේවෙතත් කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ විපක්ෂ නායකවරයාගේ රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍ර අහෝසි කර නොමැති බවයි ඒ මහත්මිය සඳහන් කර සිටියේ.

තල් සභාපති මහජන මුදලින් ප්‍රංශයේ දින 23ක සැපක් අරන්.!

තල් සභාපති මහජන මුදලින් ප්‍රංශයේ දින 23ක සැපක් අරන්.!

පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැවිලි අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත්තේ තල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා විසින් ප්‍රංශයේ දින 23ක සංචාරයක් සඳහා එම මණ්ඩලයේ රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි මේ අතර හිටපු සභාපතිවරයා සිය අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයාට…

මැතිවරණයට කලින් හිටපු මන්ත්‍රීවරු පිරිසක් දේශපාලනයෙන් සමුගනී.!

මැතිවරණයට කලින් හිටපු මන්ත්‍රීවරු පිරිසක් දේශපාලනයෙන් සමුගනී.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට හිටපු ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් තරඟ නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මහ මැතිවරණයට තරඟ වැදි රටේ ජනතවගේ අකමැත්ත හේතුවෙන් පරාජය වනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකර ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. හිටපු මන්ත්‍රීවරුන්ට එළඹෙන මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට අපහසු බැවින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන ජීවත්වීමට තීරණය කර ඇති…

මට දුන්නේ වේයෝ කාපු වාහන කබලක්..එක නිසා පුදුම දුකක් වින්දේ..! – රෝසි

මට දුන්නේ වේයෝ කාපු වාහන කබලක්..එක නිසා පුදුම දුකක් වින්දේ..! – රෝසි

තමන්ට ජනාධිපති උපදේශක තනතුරු ලැබුණේ 2023 වසරේ බවත් එතැනි සිට ගත වූ මාස කිහිපය තුළ වාහන 08ක් මාරු කිරීමට සිදු වූ බවත් හිටපු ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක පවසයි. තමන් භාවිත කළේ යැයි කියන Porsche රථය ද මෙලෙස ලැබුණු එක් රථයක් බවයි, ඇය සඳහන් කළේ. එය වසර 10ක් පමණ පැරණි දොරවල් විවෘත කිරීමට පවා නොහැකි වැසි…

පොල්තෙල් නමින් අධික විෂ තෙලක් වෙළඳපොලේ.. පාරිභෝගික ජීවිත අනතුරේ.!

පොල්තෙල් නමින් අධික විෂ තෙලක් වෙළඳපොලේ.. පාරිභෝගික ජීවිත අනතුරේ.!

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කොළඹදී පෙරේද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියේ, මෙරට කූට ආනයන කරුවන් කිහිප දෙනෙකු කෘතිමට පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳ පොළට මේ වසරේදී නිකුත් කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය සමාජ සමූල ඝාතනයකට යටත් වන මහා…

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය….

සුරාසැල් වසා තබන්නැයි නියෝගයක්.!

සුරාසැල් වසා තබන්නැයි නියෝගයක්.!

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙනු ඇත. එමෙන්ම සුරා බදු දෙපාර්තමේන්තුව පවසන්නේ එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා…

මහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්.!

මහ බැංකුවෙන් සතුටුදායක ආරංචියක්.!

2024 වසරේ පසුගිය අගෝස්තු මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.22 දක්වා 9.5% කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. එය 2024 වසරේ මාසිකව වාර්තා වූ ඉහළම අගය බවත් අගෝස්තු මාසයේ සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 577 ක් ලෙස වාර්තා වී තිබෙන බවද මහ බැංකුව සදහන් කරයි. තවද පසුගිය…

ජනාධිපති අම්මාගේ පාළු ගෙදරටත් ප්‍රභූ ආරක්ෂාව දීලා..! – කුමාරසිරි

ජනාධිපති අම්මාගේ පාළු ගෙදරටත් ප්‍රභූ ආරක්ෂාව දීලා..! – කුමාරසිරි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීම ද කොළඹ කාර් ප්‍රදර්ශනය මෙන් ම දේශපාලන සංදර්ශනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසයි. ගමේ දේශපාලනය කළ තමන්ට කිසිදු තර්ජනයක් නැති වුව ද බොහෝ මන්ත්‍රීවරුන්ට තර්ජන ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ. එම මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම රජය ගත යුතු බවත් ඔවුන්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කර ජනාධිපතිවරයාගේ අම්මා…

මහ ඡන්දෙන් පස්සේ දූෂිත පොලිස් නිලධාරීන් ගස්…! – විජිත හේරත්

මහ ඡන්දෙන් පස්සේ දූෂිත පොලිස් නිලධාරීන් ගස්…! – විජිත හේරත්

පාස්කු ප්‍රහාරයට සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඇතැමුන් මන්ත්‍රී ධූරයක් පවා නීත්‍යානුකූල නොවන අයුරින් පොලිස් ආරක්ෂාව ලබා ගෙන තිබුණු අතර ඔවුන් ආරක්ෂක කටයුතුවලින් බැහැරව නිවාසවල වෙනත් රාජකාරී සඳහා යොදවා තිබිය දී නැවත කැඳවීමට තීරණය කළ බව ද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය….