නව ආරක්ෂක ලේකම් තනතුර එයාර් වයිස් මාර්ෂල්වරයෙකුට! මහජන ආරක්ෂක ලේකම් වැඩ බාර ගනී!

නව ආරක්ෂක ලේකම් තනතුර එයාර් වයිස් මාර්ෂල්වරයෙකුට! මහජන ආරක්ෂක ලේකම් වැඩ බාර ගනී!

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත. මේ අතර, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩ භාරගනු ලැබුවා.

ජනපති අනුර සිය පළමු පත්වීම සිදුකරයි! ජනාධිපති ලේකම් ධූරය ආචාර්යවරයෙකුට!

ජනපති අනුර සිය පළමු පත්වීම සිදුකරයි! ජනාධිපති ලේකම් ධූරය ආචාර්යවරයෙකුට!

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

අනුර කුමාර වෙනුවට ලක්ෂ්මන් පාර්ලිමේන්තුවට

අනුර කුමාර වෙනුවට ලක්ෂ්මන් පාර්ලිමේන්තුවට

නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රිධුරය සඳහා ලක්ෂමන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිතව බව මැතිවරණ කොමිසම පවසනවා. ඊයේ (22) පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අදහස් දක්වමින් ටිල්වින් සිල්වාද මේ බව පැවසීය. ඔහු පැවසුවේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බැවින් එය මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ…

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

දිනේෂ් ඉල්ලා අස්වෙයි

දිනේෂ් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී ඇත. සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා…

අද එළියට යන්න කලින් මේක බලලම යන්න

අද එළියට යන්න කලින් මේක බලලම යන්න

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතේත් කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතරසෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ…

දෙවන මනාපයේ ප්‍රතිඵල මෙන්න: සියල්ලම එකම තැනින්

දෙවන මනාපයේ ප්‍රතිඵල මෙන්න: සියල්ලම එකම තැනින්

2024 ජනාධිපතිවරණයේ දෙවන වටයේ මනාප ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. 01. මාතලේ දිස්ත්‍රිකය සජිත් ප්‍රේමදාස – 2,221 අනුර කුමාර දිසානායක – 1,909 02. මාතර දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස – 4,505 අනුර කුමාර දිසානායක – 3,130 03. හම්බන්තොට දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස – 3,093 අනුර කුමාර දිසානායක – 1,763 04. දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සජිත් ප්‍රේමදාස – 4,814…

අනුර කුමාර දිසානායක අද පස්වරුවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලකුණු

අනුර කුමාර දිසානායක අද පස්වරුවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලකුණු

2024 ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට එහි ජ්‍යේෂඨ නායකයෙක් මාධ්‍ය වෙත තහවුරු කර තිබෙනවා. ඡන්ද ගණන් කරන ස්ථානයේ සිටින නියෝජිතයන්ගේ තොරතුරු උපුටා දක්වමිනුයි, ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව දෙවන මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූව ද දෙවන ස්ථානය හිමි කරගන්නා අපේක්ෂකයා අතර…

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය

වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්වී තිබේ. ඒ ඡන්ද 95,422 ක් ලබා ගනිමිනි. රනිල් වික්‍රමසිංහ – 52,573අරියනේත්‍රන් – 36,377අනුර කුමාර දිසානායක – 21,412කේ කේ පියදාස – 3,240