වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්

වහාම, උපකාරක පන්ති ගැන තීරණයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ 2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ අනිද්දා (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බවයි. මේ අතර, එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය. එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල්…

තරඟෙ තියෙන්නේ රට බේරගත් නායකයයි ඇඟ බේරගත් නායකයයි අතරේ…! – හරීන්

තරඟෙ තියෙන්නේ රට බේරගත් නායකයයි ඇඟ බේරගත් නායකයයි අතරේ…! – හරීන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණ සටන ආරම්භ කරන්නේ ඡන්ද හැට ලක්ෂයක් අතේ තබා ගෙන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙවර තරඟය ඇත්තේ රට බේරගත්ත නායකයා සහ ඇඟ බේර ගත්ත නායකයන් දෙදෙනා අතර බවයි. එක් අවස්ථාවක ඉන්ධන ගෑස් නොව දර ළිප දල්වා ගැනීමට භූමිතෙල් ටිකක් රටේ නොතිබුණු බවයි, හිටපු ඇමතිවරයා සඳහන් කළේ. රනිල්…

රනිල් ශේප් වෙන්න ෆුල් ට්‍රයි.. කොහොම ආවත් මහ බැංකුව කඩපු එකනම් හොයනවා.!

රනිල් ශේප් වෙන්න ෆුල් ට්‍රයි.. කොහොම ආවත් මහ බැංකුව කඩපු එකනම් හොයනවා.!

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබලවේගයේ තරුණ සමුළුව අමතමින් පවසා සිටියේ, “අනුර මගේ යාලුවා” යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාව ශේප් කරගැනීමේ උත්සාහයක යෙදී සිටිනා බවයි. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා, “මා මිත්‍ර අනුර යැයි කියමින් රනිල් වික්‍රමසිංහ මාව ෂේප් කරගන්න හදනවා.. මොනතරම් ෂේප් වෙන්න…

පාස්පෝර්ට් අර්බුදය නිසා විශාල පිරිසකට ඡන්දෙට ලංකාවට එන්න විදිහක් නෑ…! – විජිත හේරත්

පාස්පෝර්ට් අර්බුදය නිසා විශාල පිරිසකට ඡන්දෙට ලංකාවට එන්න විදිහක් නෑ…! – විජිත හේරත්

ඉදිරි ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදෙස්ගතව සේවය කරන දේශප්‍රේමීන් විශාල අර්බුදයකට මුහුණ දී ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් පවසයි. ඒ, රට මුහුණ දී ඇති විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ගැටලු නිසා බවයි, ඔහු සඳහන් කළේ. ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට සූදානමින් සිටි විශාල පිරිසක් වීසා ලබා ගැනීමේ සහ…

ජාතිවාදී රනිල්ට සුමන්දිරන් නියම උත්තරේ දුන්නා…! – අනුර

ජාතිවාදී රනිල්ට සුමන්දිරන් නියම උත්තරේ දුන්නා…! – අනුර

තමා උතුරට ගොස් දෙමළ ජනතාවට තර්ජනය කළේ යැයි රනිල් වික්‍රමසිංහ චෝදනාවක් කොට ඇතැයි ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි. ජනාධිපතිවරයා කැත විදිහට මෙම මැතිවරණයේ දී ජාතිවාදය උත්සන්න කිරීමට උත්සාහ කරමින් ඇතැයි අනුර දිසානායක පෙරළා චෝදනා කරයි. රනිල්ට උත්තර දෙන්න උවමනා නැති බවත් දෙමළ ජනතාව නියෝජනය කරන සුමන්දිරන් ඔහුට නියම උත්තරය ලබා දී ඇති…

සජිත් ජනාධිපති වුනාම ජනාධිපති කාර්යාලයේ Delivery Unit එකක් හදනවා – පාඨලී

සජිත් ජනාධිපති වුනාම ජනාධිපති කාර්යාලයේ Delivery Unit එකක් හදනවා – පාඨලී

ආර්ථිකමය වශයෙන් බිඳ වැටුණු රටක නැවත නැගී සිටින්නට අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වූ වැඩපිළිවෙළ ජනගත කිරීම, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් Waters Edge පරිශ්‍රයේ දී පැවැත්විණ. ශ්‍රී ලාංකික විද්වතුන්, වෘත්තිකයන්, වෘත්තීයවේදීන් හා ව්‍යවසායකයන්ගේ එකමුතුව “The Vanguard –…

ළමුන් 16,000ක් ගැන හද කම්පාකරවන අනාවරණයක්

ළමුන් 16,000ක් ගැන හද කම්පාකරවන අනාවරණයක්

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අඩු බර, මිටිභාවය, කෘෂභාවය, සහ ක්‍ෂුද්‍ර පෝෂක ප්‍රමාණවත් නොවීම – වැදගත් විටමින් සහ ඛනිජ ලවණවල ඌනතාව යන කරුණු හතර මගින් ළමා මන්දපෝෂණ තත්ත්වය ඇති වන බවයි, මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. මෙම වාර්තාවෙන් ග්‍රෑම් 2500 ක් හෝ ඊට අඩු…

පාස්පෝට් පෝලිම පිටුපස ඇති මාෆියාව ඇමති හෙළි කරයි

පාස්පෝට් පෝලිම පිටුපස ඇති මාෆියාව ඇමති හෙළි කරයි

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනි. ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව හිස් විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු…

ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තුළ තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත. ඒ අනුව බෙංගල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත. උතුරු…

සජිත්ගේ වේදිකාවට ගීතා නගියි

සජිත්ගේ වේදිකාවට ගීතා නගියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී සජිත් ‌ප්‍රේමදාස මහතාට සහයා පළ කරමින්, නුවර රැළියට එක්වී තිබෙනවා.