නිමල් – දයාසිරි – දුමින්දට එරෙහිව නඩු පවරයි.!

නිමල් – දයාසිරි – දුමින්දට එරෙහිව නඩු පවරයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ ආසන සංවිධායකවරු 08 දෙනකු කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර සහ ලේකම් දුමින්ද දිසානායක විත්තිකරුවන් කරමින් හපුතලයේ ආසන සංවිධායක උදිත ‌ලොකුබණ්ඩාර ඇතුළු…

රනිල් මැතිවරණ ආචාර ධර්ම කඩ කරයි.. ස්ටිකර් ඇලවු ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට.!

රනිල් මැතිවරණ ආචාර ධර්ම කඩ කරයි.. ස්ටිකර් ඇලවු ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට.!

ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහට සහය පළ කරමින් ප්‍රචාරණ ස්ටිකර් අලවා තිබෙන ත්‍රිරෝද රථ වල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නියෝග කර ඇත. මැතිවරණ ආචාරධර්ම පිළිබඳ නිකුත් කළ ගැසට්‌ නිවේදනයට අනුව ඡන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර් වැනි ප්‍රචාරණ දැන්වීම් අදාළ අපේක්ෂකයා ගමන්ගන්නා වාහනයේ පමණක් ප්‍රදර්ශනය කිරීමටයි අවසර…

මගේ ජීවිතය අනතුරේ.. මොනවහරි වුණොත් රනිල් වගකිව යුතුයි.. මුජිබර් සියල්ල වමාරයි.!

මගේ ජීවිතය අනතුරේ.. මොනවහරි වුණොත් රනිල් වගකිව යුතුයි.. මුජිබර් සියල්ල වමාරයි.!

මනුෂ නානායක්කාර සහ අස්ලාම් නම් පුද්ගලයෙක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් අවුරුදු පහක් පුරාවට අපරාධයකට සැකකරුවෙක් ලෙස ඉන්න පුද්ගලයෙක් මුණ ගැසී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සදහන් කරයි. තමන්ගේ ජීවිතයට අනතුරක් සිදුවුවහොත් ඊට රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බවත් මේ ප්‍රකාශය කරන්නේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වීම සඳහා බවත් හෙට මේ කුමන්ත්‍රණයට අද‍ාලව සියලුම තොරතුරු සමග අපරාධ පරීක්ෂණ…

සජිත් ජනාධිපති වීමෙන් පසු පළමුව කරන දේ මෙන්න.!

සජිත් ජනාධිපති වීමෙන් පසු පළමුව කරන දේ මෙන්න.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස නව ජනාධිපතිවරයා බවට පත්වූ පසු ඉදිරිපත් කරන පළමු කැබිනට් පත්‍රිකාව ගැන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අදහස් පළ කරයි. පසුගිය දිනවල පිල් මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ලද මත්පැන් බලපත්‍ර එම කැබිනට් පත්‍රිකාව මගින් අහෝසි කරන බව මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කරයි. මත්පැන් බලපත්‍ර සඳහා දැනටමත්…

මැර බලයෙන් අමු දවල් මැතිවරණ දූෂණ සිදු කරනා ආණ්ඩුවේ මැරයාගේ වීඩියෝවක් එළියට.!

මැර බලයෙන් අමු දවල් මැතිවරණ දූෂණ සිදු කරනා ආණ්ඩුවේ මැරයාගේ වීඩියෝවක් එළියට.!

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා වතුකරයේ ජනතාව රවටා එම ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන කුමන්ත්‍රණයක වීඩියෝ පටයක් ලැබී ඇත. එහිදී එස්.බී දිසානායක මහතා පවසන්නේ කෙසේ හෝ එළඹෙන 10 වැනිදාට පෙර වතු කම්කරුවන්ට රුපියල් 350 හෝ ලබා දී ඡන්දය ලබාගත යුතු බවයි. එමෙන්ම වැඩි කළ වැටුප ලෙස අත්තිකාරම් මුදලක් ගෙවා කම්කරුවන් රැවටීම…

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි

කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිලියන 80 ක 85 ක මට්ටමේ පැවතිය ද තම ආණ්ඩුවක් යටතේ එය බිලියන 180 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ…

අනුර පරද්දන්න සජිත්ට බෑ.. – ජනපති

අනුර පරද්දන්න සජිත්ට බෑ.. – ජනපති

ජාතික ජන බලවේගයේ අනුර දිසානායක මහතා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට කිසි දිනෙක නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සජිත් පේ‍්‍රමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය ගණන් නාස්ති කරන විපක්‍ෂ නායකයාට විපක්‍ෂයේම මන්ත‍්‍රීවරයෙකු පරාජය කර ගැනීමට නොහැකී වී ඇත්තේ පලමු වතාවට බවත් ඔහුට අවසානයේ අනුර දිසානායකද තර්ජනයක් වී ඇතැයිද ඔහු පැවසීය….

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්

මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. එනිසා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවේ වාඩි කළ යුතුම බව උන්වහන්සේ කියා සිටිති. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මිහින්තලාවේ අඹ ගහක් යට දිවුරුම් දීම වඩා සුදුසු බවද උන්වහන්සේ කියා සිටියහ. ශ්‍රී…

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක්: පුරප්පාඩුවක්, අයදුම්පත් කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක්: පුරප්පාඩුවක්, අයදුම්පත් කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා මේ පිළිබඳ උනන්දුවක් දක්වන තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තකු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්වීම…

රනිල්-සජිත් එක් කිරීමට බලවත් රටත් වේගවත් මෙහෙයුමක

රනිල්-සජිත් එක් කිරීමට බලවත් රටත් වේගවත් මෙහෙයුමක

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස පාර්ශව දෙක එක් කිරීම සඳහා ප්‍රබල රාජ්‍යයක් රාජතාන්ත්‍රික මට්ටමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබේ. මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කොට ඔහු යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති…