Range Rover රථ 150ක් ඇණවුම් කරලා.. එකක් කෝටි 15යි.!

Range Rover රථ 150ක් ඇණවුම් කරලා.. එකක් කෝටි 15යි.!

වාහන ආනයනය සඳහා අවසර ලබාදීමන් සමඟ ඉතා සුඛෝපභෝගී SUV රථයක් ලෙස සැළකෙන රේන්ජ් රෝවර් රථ 150කට වැඩි ප්‍රමාණයකට මෙරටින් ඇණවුම් ලැබී තිබෙන බව වාර්ථා වේ. තවත් මාස දෙකක් පමණ ඇතුළත එම වාහන මෙරටට ආනයනය කෙරෙනු ඇති බවයි වෙළඳපොල ආරංචිමාර්ග පවසයි. රේන්ජ් රෝවර් රථ දැනට පවතින අධි සුඛෝපභෝගී රථයක් ලෙස සැලකෙන අතර එවැනි රථයක් ආනයනයේදී ඉතා…

ශ්‍රී ලංකාවේ 10 වැනි විධායක ජනපති වජිර.?

ශ්‍රී ලංකාවේ 10 වැනි විධායක ජනපති වජිර.?

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසන්නේ ශ්‍රී ලංකාවේ 10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බවයි. එක්සත් ලක්වනිතා පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබු කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. “එක්සත් රටක් – සංවර්ධිත හෙටක් වෙනුවෙන් කාන්තා බලය අර්ථ ගන්වමු” යන තේමාවෙන් මෙම කාන්තා…

රජයේ අලුත් පත්වීම් 6,000ක්.!

රජයේ අලුත් පත්වීම් 6,000ක්.!

එළ⁣ඹෙන මාස තුනක කාලය ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සඳහා නව බඳවා ගැනීම් 6,145ක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. ඒ අනුව හෙද නිලධාරීන් 3,247ක් එළඹෙන අප්‍රේල් මාසයේදී බඳවා ගන්නා බවත් උපස්ථායකයන් 1,000ක් බඳවා ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. තවද පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් 976ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් 238ක්, ඖෂධ…

කල්ලි 52යි.. 15ක් සක්‍රීයයි.. 9ක් ක්‍රියාත්මකයි .. දායකත්වය 1400යි.!

කල්ලි 52යි.. 15ක් සක්‍රීයයි.. 9ක් ක්‍රියාත්මකයි .. දායකත්වය 1400යි.!

පොලිස් විශ්ලේෂණ මගින් තහවුරු කරගෙන ඇති පරිදි විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන කණ්ඩායම් 15ක් දැඩි ලෙස සක්‍රිය වෙමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම් 15න් කණ්ඩායම් 09ක් පමණ දරුණු ලෙස අපරාධවල නිරත වී හා අපරාධ ක්‍රියාවන් සැලසුම් කර ඇති බවටද අනාවරණය වී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගියදා සඳහන් කළේ…

දේශබන්දුගේ දේපොළ රජයට.!

දේශබන්දුගේ දේපොළ රජයට.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසන්නේ දැනට වරෙන්තු ලබා සිටින  පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බවයි. ඊයේ (09) මෝදර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රුපියල් 5,500ක් අඩුකර සහන දෙන්න ඇමති සූදානම්.!

රුපියල් 5,500ක් අඩුකර සහන දෙන්න ඇමති සූදානම්.!

මේ මස අවසන් සතිය තුළ අක්කර 5ට අඩු පොල් වතු හිමියන්ට පොල් පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි. පොහොර මෙට්‍රික්ටොන් 27,500ක් රැසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර එය යොදාගෙන එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කලවම් කර පොල් සදහා වූ විශේෂිත පොහොර මෙට්‍රික්ටොන් 56,000ක් සකස් කිරීමට…

සෞඛ්‍ය ක්ෂේත්‍රය “ක්ලීන්” කරන්න අලුත් වැඩක්.!

සෞඛ්‍ය ක්ෂේත්‍රය “ක්ලීන්” කරන්න අලුත් වැඩක්.!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා ඇත. මෙම කමිටුව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධිත ආයතන ප්‍රධානීහු 37 දෙනෙක් සාමාජිකත්වය දරන අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එහි සභාපතිත්වය දරයි. ජාතික මෙහෙයුම් කමිටුව ත්‍රෛමාසිකව රැස් වී “ක්ලීන් ශ්‍රී ලංකා”…

දේශබන්දු හැංගිලා ඉන්න තැන රංජන් හෙළිකරයි.!

දේශබන්දු හැංගිලා ඉන්න තැන රංජන් හෙළිකරයි.!

පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටු වූ දේශබන්දු තෙන්නකෝන් ලොකු දේශපාලඥයෙකුගේ ගෙදර සැගවී සිටින බවට ආරංචි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සදහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සදහන් කළේ, “ආණ්ඩුව ගැන ඉතින්, අවුරුදු 76කට පස්සේ මේ පක්ෂයට බලය හිමිවුණේ. ඉතින් මේ අයටත් අවුරුදු තුනක් හතරක්වත් දෙන්න ඕන. ආව විතරයිනේ. අනිවාර්යයෙන් කරයි කියලා හිතෙනවා. මේ…

කාලගුණයේ වෙනසක්

කාලගුණයේ වෙනසක්

අද (10) සහ හෙට (11) දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද දින රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්. ගාල්ල, මාතර, කළුතර…

බොරුව පෙන්වා දුප්පතුන්ගේ ගෙවල් ව්‍යාපාරිකයන්ට දුන්න සජිත්ගේ කෙරුවාව.!

බොරුව පෙන්වා දුප්පතුන්ගේ ගෙවල් ව්‍යාපාරිකයන්ට දුන්න සජිත්ගේ කෙරුවාව.!

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ නිවාස ඇමතිවරයා ලෙස ආදායම්ලාභීන් සදහා යැයි නිවාස 48,000ක් ඉදිකර එම නිවාසවල වැඩ අවසන් නොකර ව්‍යාපාරිකයන් පිරිසකට බෙදාදී ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සදහන් කරයි. නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභීන් සදහා ඉදිකරන බවට රටට අසත්‍ය ප්‍රකාශ කරමින් බාගෙට වැඩ අවසන් කරන ලද නිවාසවල අඩු ආදායම්ලාභීන්…