රටේ ජනතාවගේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපති අපේක්ෂකයින්.!

රටේ ජනතාවගේ මුදල් නිකරුණේ නාස්ති කරන ජනාධිපති අපේක්ෂකයින්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගෙන් 90%ක්ම ඉදිරිපත්ව සිටින්නේ වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි. එම අපේක්ෂකයින් තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීමට, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීමක් ලබාගැනීමට, ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු තනතුරු ලබාගැනීමට ඔවුන්ගේ අරමුණ වේ. තවද එළඹෙන මහ මැතිවරණයේදී තරග වැදීමට ජන පදනම සකස් කර…

රනිල් දිනන්නේ කාන්තාවන්ගේ බිහිකිරීමේ බලයෙන්.!

රනිල් දිනන්නේ කාන්තාවන්ගේ බිහිකිරීමේ බලයෙන්.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන සදහන් කළාය. එනිසා නව ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන්ගේ සතු බැවින් කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනපති ජයග්‍රහණය කරා ගෙනයන බව මන්ත්‍රීවරිය සදහන් කළාය. කොළඹ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මේ බව සදහන් කළාය.

ස.ජ.බ සෞඛ්‍ය වෘතික සමුළුවටම වෘතිකයෝ 20යි.. 2000කට අමතන්න ගිය සජිත් ආපහු ගෙදර ඇවිත්.!

ස.ජ.බ සෞඛ්‍ය වෘතික සමුළුවටම වෘතිකයෝ 20යි.. 2000කට අමතන්න ගිය සජිත් ආපහු ගෙදර ඇවිත්.!

ඊයේ කොළඹදී පැවැත්වීමට සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තික බලවේගයේ සමුළුව අත්හිටුවා ඇති බව වාර්තා වේ. එම අථිටුවීමට හේතු වී ඇත්තේ සමුළුව සඳහා සහභාගි වූ සෞඛ්‍ය වෘත්තිකයන් ගණන විසි දෙනෙකුටත් අඩු ප්‍රමාණයක් වීමයි. විපක්ෂ නායක හා සමගි බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දිනයේ මෙම සමුළුව පැවැත්වීමට සංවිධානය කර තිබුණේ කොළඹ…

මැතිවරණ නීතිය බල්ලට දමා රනිල් තනි මතයට වැඩ.. ඉතිහාසයේ දූෂිතම මැතිවරණ ව්‍යාපාරය බවට චෝදනා.!

මැතිවරණ නීතිය බල්ලට දමා රනිල් තනි මතයට වැඩ.. ඉතිහාසයේ දූෂිතම මැතිවරණ ව්‍යාපාරය බවට චෝදනා.!

ඊයේ (19) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කර සිටියේ මැතිවරණ කොමිසම විසින් පත්වීම් ලබාදීම චක්‍රලේකයක් හරහා අත්හිටුවා ඇති මොහොතක වත්මන් ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දුවකින් මන්ත්‍රී ධුර අහිමි වූ මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ට එම අමාත්‍යාංශ තුළම උපදේශක තනතුරු පිරිනමා ඇති බවයි. එම තනතුරු හරහා අමාත්‍යවරු ලෙස ලැබුණු වරප්‍රසාද…

ඡන්ද පත්‍රිකාව නිකුත්වෙයි.. රනිල්ගේ නම යටටම, අනුර සජිත් මැද, නාමල්ලා දෙන්නෙක් එක ලඟ.!

ඡන්ද පත්‍රිකාව නිකුත්වෙයි.. රනිල්ගේ නම යටටම, අනුර සජිත් මැද, නාමල්ලා දෙන්නෙක් එක ලඟ.!

එළඹෙන ජනාධිපති මැතිවරණය සඳහා වන ඡන්ද බැලට් පත්‍රිකාවේ ආකෘතියක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. එම ආකෘතියේ එක් එක් අපේක්‍ෂකයන්ගේ නම සදහන් වන ආකාරය සහ ස්ථාන අනුපිළිවෙල දැක්වෙන අතර මුල් ස්ථානය හිමිව ඇත්තේ අක්මීමට දයාරතන හිමියන්ටයි. අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සඳහන් ලැයිස්තුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත්තේ තිස් හයවන ස්ථානයයි. එමෙන්ම මෙවර…

සංගීත ප්‍රසංග තහනම්

සංගීත ප්‍රසංග තහනම්

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් සංගීත ප්‍රසංගය නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන්. එම නිසා හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව,දකුණු  සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109කි.

බන්දුලගේ බලපෑම් හමුවේ Sunday Observer කතෘ ඉල්ලා අස්වෙයි

බන්දුලගේ බලපෑම් හමුවේ Sunday Observer කතෘ ඉල්ලා අස්වෙයි

Sunday Observer කතෘ ප්‍රමෝද් සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර එහි දක්වා ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ කටයුතුවලින් කලකිරීමට පත්ව එම තීරණය ගත් බවයි. ප්‍රොමෝද් සිල්වා මහතා එම ලිපියේ දක්වා ඇත්තේ සෑම අඟහරුවාදා දිනකම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීම පැය තුනකට අධික කාලයක් පැවැත්වීම එම රැස්වීම නියමිත වේලාවට ආරම්භ නොකිරීම අමාත්‍යවරයාගේ නම…

ෆොන්සේකාගේ ඇරඹුමම කඳුලක් වෙලා.. පවුලේ උදවියත් අහක බලලා.!

ෆොන්සේකාගේ ඇරඹුමම කඳුලක් වෙලා.. පවුලේ උදවියත් අහක බලලා.!

පසුගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ඉන් ඉවත්වී ස්වාධීන අපේක්ෂකයයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ වදිනා සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ මංගල රැළිය ඊයේ (18) දිනයේ පැවැත්විය. ඔහු මෙවර ජනාධිපතිවරණයට ලන්තෑරුම ලකුණෙන් ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරඟ කරයි. කෙසේ නමුත් එම රැස්වීම් සඳහා සහභාගි වී සිටි පිරිස දහයකටත් අඩු වූ අතර ෆොන්සේකාගේ පවුලේ ඥාතීන්…