ජනාධිපතිවරණයේදී රනිල් ඡන්ද කෝටියට වඩා අරන් වාර්තාවක් තියනවා.. – පාලිත රංගේ බණ්ඩාර

ජනාධිපතිවරණයේදී රනිල් ඡන්ද කෝටියට වඩා අරන් වාර්තාවක් තියනවා.. – පාලිත රංගේ බණ්ඩාර

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වාර්තා ගත ජයග්‍රහණයක් ලබන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබන්ඩාර මහතා පැවසීය. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 100 ප්‍රමාණයක් ගන්නා බව පැවසීය. බොහෝ දේශපාලන පක්ෂ මේවන විට වත්මන් ජනාධිපතිවරයාට සහය ලබාදීමට එක්ව සිටින බව එහිදී පැවසීය. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය…

මාලිමා ආණ්ඩුවේදී නිවෙස්වල කුස්සිය ඉවත් කරනවා.. ආහාර පිටතින් උයා දෙනවා..- ලාල් කාන්ත

මාලිමා ආණ්ඩුවේදී නිවෙස්වල කුස්සිය ඉවත් කරනවා.. ආහාර පිටතින් උයා දෙනවා..- ලාල් කාන්ත

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ නිවාස සඳහා මුළුතැන්ගෙයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. නිවසක කුස්සියේ ආහාර පිසීමක් සිදු නොවන ඇති බවද පැවසු ඔහු ඉදිරි නිවාස සැලසුම් වලින් කුස්සිය ඉවත් කරන බවත් පැවසීය. ආහාර විසීමේ කටයුත්ත නිවෙසින් පිටතට ලබා දිය යුතු බවද හෙතෙම…

පුද්ගලික අංශයේ පඩි වැඩි කිරීම ගැන රජය ගත් තීරණය මෙන්න

පුද්ගලික අංශයේ පඩි වැඩි කිරීම ගැන රජය ගත් තීරණය මෙන්න

පුද්ගලික අංශයේ සේවකයන්ට ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික අවම වේතනය මීට පෙර පැවතුණේ රුපියල් දොළොස් දහස් පන්සීයක් වශයෙන් අතර අවම දෛනික වේතනය 500ක් වශයෙන් පැවතුණා. මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිත බව සඳහන්.

මට සහාය දෙන සියළු මන්ත‍්‍රීලාගේ දේශපාලන අනාගතය සුරකිනවා..- රනිල්

මට සහාය දෙන සියළු මන්ත‍්‍රීලාගේ දේශපාලන අනාගතය සුරකිනවා..- රනිල්

තමන්ට සහාය දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදය අමතමිනි. ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ගෙන ඇති වැඩපිළිවෙල හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් එහිදී පැසසුමට ලක් කලේය.

ඉදිරි දින කිහිපයේ වැසි

ඉදිරි දින කිහිපයේ වැසි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්…

වාහන ආනයනය ගැන ජනපති දුන් ඉඟිය 

වාහන ආනයනය ගැන ජනපති දුන් ඉඟිය 

බදු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව විසඳා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මහනුවර පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන කරුණු මෙන්ම, එකඟ නොවන කරුණුද පවතින බවයි.  මහනුවර දිස්ත්‍රික් වෙළෙඳ සංගම් නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්…

ෆොන්සේකා වෙනුවට සජබට නායකත්වය දෙන නව සභාපති නම් කෙරේ.!

ෆොන්සේකා වෙනුවට සජබට නායකත්වය දෙන නව සභාපති නම් කෙරේ.!

සමගි ජන බලවේගයේ හිටපු සභාපති ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පත්වීමට නියමිත බව වාර්තා වෙයි. බාකීර් මහතා ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු වන අතර ඔහු මේ වනවිට ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, මහජන පෙත්සම්…

රොෂාන් රණසිංහත් ජනපතිවරණයට

රොෂාන් රණසිංහත් ජනපතිවරණයට

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන උත්සවයක් අමතමින් ඔහු ඒ බව පැවසුවා.

සුදර්ශනී පොහොට්ටුව අතහැර සජිත්ට එක්වෙයි.!

සුදර්ශනී පොහොට්ටුව අතහැර සජිත්ට එක්වෙයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සදහන් කළාය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී නායක සජිත් ප්‍රේමදාස හමුවී මෙම තීරණය ගෙන ඇත.

පොලිස්පති නෑ.. යුක්තිය මෙහෙයුම මග නවතී.!

පොලිස්පති නෑ.. යුක්තිය මෙහෙයුම මග නවතී.!

පොලිස්පතිතුමත් නොමැතිවීම හේතුවෙන් යුක්තිය මෙහෙයුම මේ වනවිට අඩපණ වෙලා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි. පොලිස්පතිතුමා ඍජුවම සම්බන්ධවෙලා සූම් මීටින් හරහා යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් මේ වනවිට එම මෙහෙයුම අඩපණ වෙලා තිබෙන බව පිළිගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, “යුක්තිය මෙහෙයුම අඩපණවෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ ඒක අඩපණ…