වසර 49කට පසුව මාලිමා ආණ්ඩුවෙන් උපරිම දඬුවම්.!

වසර 49කට පසුව මාලිමා ආණ්ඩුවෙන් උපරිම දඬුවම්.!

පාතාල ඝාතන, මත්කුඩු ජාවාරම ඇතුළු අපරාධ සැලකිල්ලට ගෙන යළිත් ‘මරණ දඬුවම’ ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සදහන් කරයි. රට පුරා සිදුවන අපරාධ සැලකිල්ලට ගෙන යළිත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ජා මේ වනවිටත් සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සදහන් කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…

13ට වැඩි සියලුම දැරියන්ට දීමනාවක්.!

13ට වැඩි සියලුම දැරියන්ට දීමනාවක්.!

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නේ වයස අවුරුදු 13ට වැඩි සියලුම පාසැල් දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බව‍යි. 2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා වන ආරම්භක ප්‍රතිසංස්කරණයන් මෙම වසරේදී ආරම්භ කරන බවද එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසීය. එමෙන්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පළමු ශ්‍රේණිය හා හයවන ශ්‍රේණිය සිට…

Facebook ඔස්සේ කොන්ත්‍රාත් බාරගන්නා කුළී ඝාතකයන් ගැන අනාවරණයක්.!

Facebook ඔස්සේ කොන්ත්‍රාත් බාරගන්නා කුළී ඝාතකයන් ගැන අනාවරණයක්.!

බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරු, අපරාධකරුවන් විසින් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් සාමාජ මාධ්‍ය හරහා පණිවුඩ යැවීමෙන් බවයි. සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙවැනි හිටපු හමුදා සාමාජිකයන් මුහුනු පොත ඔස්සේ හඳුනාගෙන හඳුනා ගෙන කුළී ඝාතන සඳහා පොළඹවාගන්නා බව අනාවරණය වී ඇතැයි…

මුහුණ වසාගත් ඝාතකයා නවය කියනකොට වෙඩි.. සංජීවගේ අවසන් වචනය පරීක්ෂණයෙන් හෙළිවෙයි.!

මුහුණ වසාගත් ඝාතකයා නවය කියනකොට වෙඩි.. සංජීවගේ අවසන් වචනය පරීක්ෂණයෙන් හෙළිවෙයි.!

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය ඊයේ (24) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු කෙරිණ. *වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ අධිකරණ ශාලාව තුළ සේවයේ නියුතුව සිටි කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරණගේ තරංග සාක්ෂි දෙමින් සදහන් කළේ, “එදින යෙදිලා තිබුණේ ස්කයිප් (Skype) තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර ගතව සිටින…

සිංහල හින්දු අවුරුදු නැකත් වෙනස් වෙයි.?

සිංහල හින්දු අවුරුදු නැකත් වෙනස් වෙයි.?

සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් එළ⁣ඹෙන 2026 වසරේ සිට දියත් කිරීමට, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ජ්‍යොතිෂ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර පැවැති හමුවකදී අවධානය යොමුව ඇත. 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වනවිට ජනගත වී ඇති බැවින් එහි කිසිදු වෙනස්කම් සිදු…

වැසි තත්ත්වයේ වැඩි වීමක්

වැසි තත්ත්වයේ වැඩි වීමක්

ඊයේ (24) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල…

අලුත් මෝටර් සයිකලයක මිල රු. මිලියනයට අතේ දුරින්…!

අලුත් මෝටර් සයිකලයක මිල රු. මිලියනයට අතේ දුරින්…!

වාහන ආනයනය සඳහා නැවත අවසර ලබා දීමෙන් පසු ආනයනය කරන පළමු වාහන තොගය පැමිණෙන විට මෝටර් සයිකලයක මිල රු. ලක්ෂ 10ක් පමණ වන බව වාර්තා වෙයි. ඩේවිඩ් පීරිස් සමාගම සිය නිල වෙබ් අඩවියේ දක්වා ඇති පරදි ෆල්සර් N160 යතුරු පැදියක් රු. 934,950ක් වනු ඇත. එසේම ඩිස්වර් 125 DRL යතුරු පැදියක් රු. 731,950ක් ද CT 100…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (24) සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.  දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

සියළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට MSD ආරක්ෂාව.?

සියළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට MSD ආරක්ෂාව.?

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. කථානායකවරයා පාර්ලිමේන්තුවේදී පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ​ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින්වර තමා වෙත කරන…

ආණ්ඩුවෙන් නව මෘදුකාංගයක්.!

ආණ්ඩුවෙන් නව මෘදුකාංගයක්.!

ආණ්ඩුව විසින් සිංහල සහ දෙමළ භාෂා භාවිතයේදී මතුවන ගැටලුවලට විසඳුමක් ලෙස නව මෘදුකාංගයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නව මෘදුකාංගයක් නිර්මාණය කිරීම සදහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ද ලබාගන්නා බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සදහන් කරයි.