පොලිස්පති නමින් එක අත්සනක් ගහල බලන්න.. වෙනදේ බලාගන්න පුලුවන්.!

පොලිස්පති නමින් එක අත්සනක් ගහල බලන්න.. වෙනදේ බලාගන්න පුලුවන්.!

මාධ්‍ය හමුවක් අමතමින් ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසා සිටියේ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හැකිනම් ඉන් පිටතදී සිදුකරනා ලෙසයි. එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි නිල රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය. “වත්මන් ජනාධිපතිවරයා මැතිවරණයට යන්නේ…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය…

ශ්‍රී ලංකාව අවසන් තරගයට

ශ්‍රී ලංකාව අවසන් තරගයට

කාන්තා ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) සමත් වුණි.

කාසියේ වාසිය චමරිට

කාසියේ වාසිය චමරිට

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙයි. මෙම විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. මෙහි පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවතිනි. එම තරගය කඩුලු 10කින් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව ප්‍රසිද්ධ කරයි

මැතිවරණ කොමිසම විසින් ජනාධිපති අපේක්ෂක ලැයිස්තුව ප්‍රසිද්ධ කරයි

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. එම අපේක්ෂකයින් අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත් සහ ඒ.එස්.පී.ලියනගේ යන පුද්ගලයන් ඇතුලත් බවද එහි සඳහන් විය. එම නිවේදනය පහතින්,

ඩොලරය ගැන කියමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න

ඩොලරය ගැන කියමින් මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න

 ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද (26) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 298.94 සිට රු. 298.71 ක් විය. එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.24 සිට රු. 307.95 ක් විය. කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග ගණනාවකට සාපේක්ෂව රුපියල…

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද

වසර 100කට පසු ප්‍රංශයේ අගනුවර පැවැත්වෙන 03 වැනි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අද (26) ආරම්භ වෙනවා. ‘Games wide open’ මෙවර පැරිස් ඔලිම්පික් උලළේ ආදර්ශ පාඨයයි. එමෙන්ම මහද්වීප 05ම නියෝජනය වන අයුරින් ක්‍රීඩා උලෙළට ක්‍රීඩකයින් 5,250 ක් සහ ක්‍රීඩිකාවන් 5,250 ක් තරග කිරීමට නියමිත අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කළ පළමු ක්‍රීඩා උලෙළ මෙය…

හැගීමක් නැති අගමැතිනියගේ කිඹුල් කඳුළු

හැගීමක් නැති අගමැතිනියගේ කිඹුල් කඳුළු

බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විනාශ වු දුම්රිය ස්ථානයක් නැරඹීමට ගිය අගමැතිනි ෂෙයික් හසීනා කඳුළු පිරි දෑසින් එදෙස බලා සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ. උද්ඝෝෂණ හේතුවෙන් 150 දෙනෙක් පමණ මියගිය අතර එම මියගිය අය වෙනුවෙන් අගමැතිවරිය ඒ ආකාරයට කනගාටු නොවූ බවත් අගමැතිවරිය කිඹුල් කඳුළු හෙළන බවද එරට ජනතාව සදහන් කරයි. මියගිය පුද්ගලයින් හෝ ඔවුන්ගේ පවුල්වලට සමාන…

ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපති සටනට

ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපති සටනට

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව එළඹෙන සඳුදා දින ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී තීන්දු කරනු ඇත.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බව රුසියාවේ හිටපු මහ කොමසාරිස් උදයංග වීරතුංග පවසයි. එය එළඹෙන සඳුදා එම පක්ෂයේ විධායක සභාව රැස්වී ප්‍රකාශයට පත්කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ. සිය facebok ගිණුමේ සටහනක් තබමින් උදයංග වීරතුංග…

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ. ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර…