රජයේ රෝහල්වල ඖෂධ අසාත්මිකතා 56ක්.. වහාම 39ක් ඉවත් කරයි.!

රජයේ රෝහල්වල ඖෂධ අසාත්මිකතා 56ක්.. වහාම 39ක් ඉවත් කරයි.!

දිවයින පුරා රජයේ රෝහල් වල ප්‍රතිකාර ලැබූ රෝගීන්ට ඖෂධ අසාත්මිකවීම් පිළිබඳ සිද්ධි 56ක් මෙම 2024 වසර තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි වශයෙන් ලැබී ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ සදහන් කරයි. එම පැමිණිලි අතර එකම ඖෂධය පිළිබඳ පැමිණිලි කිහිප අවස්ථාවක ලැබී ඇති බවත් ඒ අනුව ඖෂධ 39ක් භාවිතයෙන්…

ලොකු පොඩි හොර රහසේ රටින් පැන යයි.!

ලොකු පොඩි හොර රහසේ රටින් පැන යයි.!

මේ 2024 වසරේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු 1,655ක් රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එම වෛද්‍යවරුන් 1,082 දෙනෙක් වැටුප් රහිත නිවාඩු ලබා විදේශගතව ඇති අතර 573 දෙනෙක් විදේශගත වී ඇත්තේ අමාත්‍යංශයට නොදන්වා හොර රහසේ බව අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඉකුත් වසරේ 706 දෙනකු විදේශගත වී තිබූ අතර 2022 වසරේ 584…

ආචාර්ය හුටපටේ තවත් පැත්තකට පෙරළෙයි.!

ආචාර්ය හුටපටේ තවත් පැත්තකට පෙරළෙයි.!

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සදහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු ‌වෙබ් අඩවියේ තොරතුරු ඇතුළත් කරන පාර්ලිමේන්තු නිලධාරියකුගෙන් සහ නිලධාරිනියකගෙන් ප්‍රශ්න කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමක් අනුව දෙදෙනා ඊයේ එහි පෙනී සිටි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ…

හිටපු දේශපාලන ප්‍රබලයකු සියදිවි නසා ගැනීමට සැරසෙයි.. තවත් 30ක් මානසික පීඩාවෙන්.!

හිටපු දේශපාලන ප්‍රබලයකු සියදිවි නසා ගැනීමට සැරසෙයි.. තවත් 30ක් මානසික පීඩාවෙන්.!

මෙරට හිටපු දේශපාලනඥයන් තිහකට ආසන්න පිරිසක් මේ වනවිට දැඩි මානසික පීඩාවට හා අසීරුතාවට මුහුණපා සිටින බවට තොරතුරු වාර්තා වේ. ඔවුන් බලයේ සිටියදී සිදු වූ සියලු දූෂණ වංචා අනාවරණය වෙමින් පැවතීම, ආරක්ෂාව හා බලය නොමැති වීම හා තනිකම නිසා ජනතාවට මුහුණ දීමට ඇති අසීරුතාව මෙම තත්ත්වයට හේතු වී ඇත. කොළඹට කිට්ටු දිස්ත්‍රික්කයක හිටපු ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක්…

වැට පැන්නූ මහින්ද භවනේ හතර කොන මනී.!

වැට පැන්නූ මහින්ද භවනේ හතර කොන මනී.!

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට පසුගිය සතියේදී පැමිණ එහි මිනුම් කටයුතු ආරම්භ කොට ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී ඇති නිල නිවෙසට අමතරව රජයට අයත් යාබදව පිහිටි තවත් නිල නිවෙසක් ඊට ඈඳාගෙන ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව මෙම මිනුම් කටයුතු සිදුකිරීමට තීරණය…

පරණ සෙල්ලම් ආයෙත් බෑ.. රාජ්‍ය සේවකයින්ට ලාල් අනතුරු අඟවයි.!

පරණ සෙල්ලම් ආයෙත් බෑ.. රාජ්‍ය සේවකයින්ට ලාල් අනතුරු අඟවයි.!

ජනතා සුනාමියෙන් නරක දේශපාලනය ගහගෙන ගියා සේම ඊළඟ සුනාමිය පැමිණෙන්නේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ට බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අනතුරු ඇඟවීමක් කරයි. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබෙමින් ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ෆයිල් යට ගහන ආකාරය ගැනත් පගාව දී වැඩකරගන්නා ආකාරය ගැනත් ඔවුන් සඳහන් කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි. එහි ලැයිස්තුවක් තමන් සතුව තිබෙන බවත්…

ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

හෙට (29) දිනයේ උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකිය. ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය. එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රීක්කවලත් සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද…

ජනවාරියෙන් පසු සියල්ල අවසන්.. නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්.!

ජනවාරියෙන් පසු සියල්ල අවසන්.. නියෝජ්‍ය ඇමතිගෙන් සහතිකයක්.!

මහනුවර ජාතික රෝහලේ පැවති සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසූවේ ලබන වසරේ ජනවාරි මාසය වනවිට මහජනතාවට ඖෂධ සම්බන්ධයෙන් පවතින සියළුම ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාදෙන බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඖෂධ හිඟ වීමත් ඒ පිළිබඳ කතාබහට ලක්වීමත් එකම තැනකින් මෙහෙයවන කටයුත්තක් බවයි….

මුදල් නෝට්ටු භාවිතය ඉවතට.. රජයෙන් නව වැඩපිළිවෙ‌ළක්.!

මුදල් නෝට්ටු භාවිතය ඉවතට.. රජයෙන් නව වැඩපිළිවෙ‌ළක්.!

රට තුළ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරයි. මුදල් නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සදහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 %ක් පමණ වැය වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සදහන් කරයි. මුදල් නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු…

හිටපු ඇමතිවරු 5කට වැඩ වරදින ලකුණු.!

හිටපු ඇමතිවරු 5කට වැඩ වරදින ලකුණු.!

පසුගිය වකවානුව තුළ මිනීමැරුම්, බරපතළ මූල්‍ය වංචා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් 5 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ලැබේ. මෙම හිටපු අමාත්‍යවරු 5 දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ තොරතුරු වාර්තා පදනම් කරගෙන විමර්ශන කටයුතු මෙසේ කඩිනම් කර ඇතැයි පැවසේ. මීට අමතරව, අල්ලස් කොමිෂන් සභාව විසින්…