ආයතන 20කට වැඩ වරදී.. මහ බැංකුවෙන් නඩු.!

ආයතන 20කට වැඩ වරදී.. මහ බැංකුවෙන් නඩු.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් ආයෝජන ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත. කෙසේ වෙතත් දැනටමත් ඇතැම් ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ වී ඇති බවද මහ බැංකුව සදහන් කරයි. අනෙකුත් ආයතන පිළිබදව නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද මහ බැංකුව සදහන් කරයි. එම ආයතන පහතින්……

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් ⁣එළියට.!

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් ⁣එළියට.!

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජයන් සිදුකළ විමර්ශන වලින් මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් මේ වනවිට හෙළිවෙමින් ඇති බව වාර්තා වේ. පාස්කු ප්‍රහාරය හා බැඳී ඇති වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනිඅවි පැහැර ගැනීම සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන්ට පවා ඇතැම් ඉහළ නිලධාරීන් විසින් එල්ල කරන ලද බලපෑම් ගැන තොරතුරු…

දිවයින පුරා ආරක්ෂාව තර කරයි.!

දිවයින පුරා ආරක්ෂාව තර කරයි.!

රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එළඹෙන උත්සව සමයේ පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි. බස්නාහිර පළාත තුළ පමණක් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6,500කට අධික පිරිසක් යොදවා ඇති බවත් කතෝලික දේවස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පොලිස්…

තරුණ නායකත්වයන් සමඟින් සජබ අළුත් වෙයි.!

තරුණ නායකත්වයන් සමඟින් සජබ අළුත් වෙයි.!

සජබ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ තරුණ පිරිස් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක් මේ වනවිට පවත්වා ඇත. ඊට සහභාගී වූ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන, දොස්තර චමල් සංජීව, මහේෂ් සේනානායක, චරිත් අබේසිංහ ඇතුලු පිරිස මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසූවේ තව මාස කිහිපයක් ඇතුළත නව වෙනස්කම් සමඟින් අළුත් සමගි ජන බලවේගයක් නිර්මාණය වන…

හිරුණිකා වියරු වැටෙයි.. 15කට ඇඩ්‍රස් නැති කරයි.!

හිරුණිකා වියරු වැටෙයි.. 15කට ඇඩ්‍රස් නැති කරයි.!

සජබ කඩුවෙල ආසන සංවිධායක ලෙස කටයුතු කරනා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු සිය තනතුරුවලින් ඉවත් කර වෙනත් සංවිධායකවරු පත් කිරීමට කටයුතු කර තිබේ. එලෙස ධුරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහාය නොදී වෙනත් අපේක්ෂකයකුට සහාය දැක්වූ පිරිස් බව ඇය පවසයි. එමෙන්ම තරුණ අපේක්ෂකයන්ට අවස්ථාවක් ලබාදීමත්…

සල්ලි ගත්තේ ජනාධිපතිවරයා කී නිසයි .. දයාසිරි කරුණු පහදයි.!

සල්ලි ගත්තේ ජනාධිපතිවරයා කී නිසයි .. දයාසිරි කරුණු පහදයි.!

ජනාධිපති අරමුදලෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබාගත් පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අනාවරණයක් සිදුකළ අතර ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නමද කියවුනි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (20) පැවසූවේ තමා එම ලබාගත් මුදල එම අරමුදලෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් එවකට සිටි…

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනප්‍රිය නොවන තීරණ රැසක්.. බලපෑම් නොතකා කටයුතු කරනවා.!

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනප්‍රිය නොවන තීරණ රැසක්.. බලපෑම් නොතකා කටයුතු කරනවා.!

නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේමෙරට රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය රජය ඉදිරියේ පවතින බවයි. අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ…

රටේ පුළුල් පරිවර්තනයකට අගමැතිනි මුල පුරයි.!

රටේ පුළුල් පරිවර්තනයකට අගමැතිනි මුල පුරයි.!

ජනතාව ඉල්ලා සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් කිරීම අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. අධ්‍යාපනයේ පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත් පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු බවත් පෞද්ගලික උපාධි ආයතන නියාමනය සදහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන්…

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි….

මහින්ද වෙනුවෙන් හිටගත් ඩී. වී. චානකට උස පුටුවක්.!

මහින්ද වෙනුවෙන් හිටගත් ඩී. වී. චානකට උස පුටුවක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී ඩී. වී. චානක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස තෝරාගෙන ඇති බව වාර්තා වේ. ඩී. වී. චානක මන්ත්‍රීවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට විරුද්ධව සිය හඬ අවධි කළේය. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු…