ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් පොළිය පහළට

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් පොළිය පහළට

රාජ්‍ය බැංකු රැසක ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් සඳහා ගෙවන පොළිය අඩු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව 8.1%ක් වූ ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් පොළිය පසුගිය සතියේ 0.6%කින් පහත හෙළා තිබේ. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ ඉතිරි කිරීම් සඳහා 15%ක විශේෂ පොළියක් ලබා දෙමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.

පරාටේ නීතිය ගැන රජය ගත් තීරණය.!

පරාටේ නීතිය ගැන රජය ගත් තීරණය.!

රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ණය ගෙවීම පැහැර හැරීම‌ හේතුවෙන් ඔවුන්ගේ දේපොළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීම 2024 දෙසැම්බර් මස (15) වන දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබුණි. ශ්‍රී ලංකාව මුහුණ දුන්…

ජනපති අනුර පළමු සංචාරයට සූදානම්.!

ජනපති අනුර පළමු සංචාරයට සූදානම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන (15) වනදා සිය පළමු ඉන්දීය සංචාරය ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිදුකරන ඔහුගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර ඒ සදහා විදේශ අමාත්‍යවරයා සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එක්වන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. ඒ අනුව…

දේපොළ රජයට අත්පත් කරගන්න පනතෙන් බලය නෑ.!

දේපොළ රජයට අත්පත් කරගන්න පනතෙන් බලය නෑ.!

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවත් ය. ඔහු වැඩිදුරටත් පැවසූවේ අදාල හිඟ බදු වෙනුවට ඔවුන්ගේ දේපොළ රජයට පවරා ගැනීම සඳහා පනතේ බලය තිබුනේ නම් එය සිදුකිරීමට පසුබට නොවන බවයි. හිටපු ජනාධිපති රනිල්…

රියදුරු බලපත්‍රයට නව තාක්ෂණය එක් වෙයි.!

රියදුරු බලපත්‍රයට නව තාක්ෂණය එක් වෙයි.!

රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව පවසන්නේ, දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුර බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිත අතර නව තාක්ෂණය අනුව…

හැමෝටම ජපන් වාහනයක් මිලට ගත හැකි යෝජනාවක්.. වසර 07ක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර.?

හැමෝටම ජපන් වාහනයක් මිලට ගත හැකි යෝජනාවක්.. වසර 07ක් දක්වා පැරණි වාහන ආනයනයට අවසර.?

වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පවසන්නේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයට නව යෝජනාවලියක් ඉදිරිපත් කල බවයි. එම යෝජනාව හරහා වසර 07ක් දක්වා පැරණි ජපන් වාහන ආනයනය කිරීමට අවස්ථාව රජය පාර්ශවයෙන් ඉල්ලා සිටි බව කුලතුංග මහතා පවසයි. එවැනි තීරණයක් සඳහා රජය පාර්ශවයෙන් එකඟතාව හිමිවුව හොත් එක් වාහනයක් මිලදී ගන්නා මුදලින් වාහන 04ක් මිලදී ගැනීමට…

ත්‍රිවිධ හමුදාවන්හි සාර්ථකත්වය සඳහා පුළුල් වැඩසටහනක්.!

ත්‍රිවිධ හමුදාවන්හි සාර්ථකත්වය සඳහා පුළුල් වැඩසටහනක්.!

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රය සදහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩකාව සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කළ හැකි තාක්ෂණිකව දියුණු සහ මානව කේන්ද්‍රීය බලවේගයක් වීමයි. මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සදහා අපි ආරක්ෂක අංශයේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් වැඩසටහනක් ආරම්භ කළ යුතුය. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (10) සපුගස්කන්ද…

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්.!

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්.!

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සදහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත. මේ අනුව එහි එක් පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය…

අද කාලගුණය

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (11) දිනයේ මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවය.සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි….

අලි පටවන්න රිලව් අල්ලන්න ආණ්ඩුවට සල්ලි නෑ… ලාල්කාන්ත කී විදිහට වැඩ කරපල්ලා…! – රාජාංගනේ හාමුදුරුවෝ

අලි පටවන්න රිලව් අල්ලන්න ආණ්ඩුවට සල්ලි නෑ… ලාල්කාන්ත කී විදිහට වැඩ කරපල්ලා…! – රාජාංගනේ හාමුදුරුවෝ

මේ රටේ රිලව් වඳුරු අලි කරදර නිසා ජනතාව විඳින දුක දන්නේ එම ප්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනයේ සද්ධාරතන හිමි පවසයි. එම දුක ඇමති ලාල්කාන්ත හදවතින් කළ ප්‍රකාශය අල්ලා ගෙන බොරුවට කිඹුල් කඳුලු හෙළන සත්ව අවිහිංසාවාදීන් නොදන්නා බව ද එහිමියන් සඳහන් කරයි. ගොවි ජනතාවගේ වගා බිම් වන සතුන් විනාශ කළ විට එම ගෙවල්වල දරුවන්ට කන්න…