අද කාලගුණය

අද කාලගුණය

නැගෙනහිර පළාතේ වැසි වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

ප්‍රභූ වරප්‍රසාද අහෝසිකිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකගෙන් නිල ප්‍රකාශයක්.!

ප්‍රභූ වරප්‍රසාද අහෝසිකිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකගෙන් නිල ප්‍රකාශයක්.!

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මැති ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවයි. අද කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. “ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ…

ජේ.ආර් කරපු වැඩේ අනුර කුමාර නොකරපු එකනම් ඉතාම බුද්ධිමත් තීරණයක්.! එස් බී දිසානායක

ජේ.ආර් කරපු වැඩේ අනුර කුමාර නොකරපු එකනම් ඉතාම බුද්ධිමත් තීරණයක්.! එස් බී දිසානායක

මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසා සිටියේ වත්මන් ජනපතිවරයා විසින් චීනයෙන් ආරාධනාවක් ලැබී තිබියදීත් සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරාගැනීම ඉතාම බුද්ධිමත් තීරණයක් බවයි. “මම හිතන්නේ මේ රජය පුළුවන් තරම් ජාත්‍යන්තර මූලය අරමුදල සහ ශ්‍රී ලංකා ආණ්ඩුව එක්ක තියෙන ගිවිසුම ට එකඟව ඉස්සරහට යන්න කටයුතු කිරීම හොඳ දෙයක්. ඒ මොකද…

සිලින්ඩරේ අවසන් මන්ත්‍රී ධුරය රවීගේ නෝනට දෙන්න.!

සිලින්ඩරේ අවසන් මන්ත්‍රී ධුරය රවීගේ නෝනට දෙන්න.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් ඉතිරි මන්ත්‍රී ධුරය රවී කරුණානායකගේ බිරිඳට ලබා දුන්නත් කමක් නැතැයි හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සදහන් කරයි. අවසන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සදහන් කළේ, “ඒක නම් මම කතා කරන්නවත් කැමති නෑ. ඒක අප්පිරියයි. ඒ නිසා ඕන එකෙකුට ඕන විදිහකට ඕක ගියාවේ….

අනුරගේ ආණ්ඩුවට ගෝඨගේ ආණ්ඩුව තරම්වත් ආයුෂ නෑ.! නලින් බණ්ඩාර

අනුරගේ ආණ්ඩුවට ගෝඨගේ ආණ්ඩුව තරම්වත් ආයුෂ නෑ.! නලින් බණ්ඩාර

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන්ගේ අද්දැකීම් අඩුකම හේතුවෙන් රට දැනටමත් බරපතළ ආර්ථික අර්බුදයකට තල්ලු වී ඇති බවත් වර්තමාන ආණ්ඩුවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට තරම්වත් ආයුෂ නොමැති බවයි. මන්ත්‍රීවරයා පවසන්නේ වර්තමාන ආණ්ඩුව හිටපු ඇමති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සූත්‍රයේ තවමත් එල්ලී සිටින අතර ඉන්ධන මිල සූත්‍රයක් වෙනස් කිරීම සඳහා…

මාලිමා රජය අවසන් තුරුම්පුවත් අදී.. විපක්ෂය කපෝතියි.?

මාලිමා රජය අවසන් තුරුම්පුවත් අදී.. විපක්ෂය කපෝතියි.?

මේ වන විට පවත්වාගෙන යන උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය සඳහා අදාළ නිවේදන නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. විභාග කාලය තුළ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමෙන් විභාගයට බාධා ඇති විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මීට පෙර අයහපත් කාලගුණික තත්ත්වය…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් බලපත්‍රය අහෝසියි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් බලපත්‍රය අහෝසියි.!

පසුගිය රජයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව ලබාදුන් තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරීමේ බලපත්‍රය නව රජය මගින් ලබා නොදෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආන්නද විජේපාල සදහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සෑම වසර පහකට වරක් ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් වුවත් මෙවර එවැනි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් ‌නොවනු ඇති බවද අමාත්‍ය ආන්නද විජේපාල…

රනිල් වික්‍රමසිංහගෙන් මාලිමා රජයට පැසසුම්.!

රනිල් වික්‍රමසිංහගෙන් මාලිමා රජයට පැසසුම්.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කර තිබේ. ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් ශක්තිමත් වූ පසු විකල්ප මාර්ග සොයා ගත හැකි බව සඳහන් කළේය. අමාරි කලම්බු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු…

අවසන් දිනය දෙසැම්බර් 06.. මධ්‍යම රාත්‍රි 12 තෙක් පමණයි.!

අවසන් දිනය දෙසැම්බර් 06.. මධ්‍යම රාත්‍රි 12 තෙක් පමණයි.!

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන (06) වැනි දින භාරදිය යුතු බවයි. එළඹෙන (06) වැනිදා රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල…

පොලිස් ඩ්‍රෝන කැමරා උඩුගුවනේ.!

පොලිස් ඩ්‍රෝන කැමරා උඩුගුවනේ.!

රථ වාහන තදබදය නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි. වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සදහන් කරයි.