Image

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

හිටපු ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත් ඒ පිළිබඳව තමන්ට අවංක සතුටක් ඇති බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ඉදිරි වසර කිහිපයේදී තම ඉගෙනුම් කටයුතු සදහා කාලය යෙදවීමටත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.