Image

බන්දුලගේ කුපාඩිකම අතටම අහුවෙයි.. රුපියල් මිලියන 150ක සොරකමක්.!

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ මඟ නැගුම ඉදිකිරීම් සමාගම මගින් 2K ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව පැවති මුදල් ගෙවා අවසන් කර තිබියදී එම සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙසට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍යංශයේ ලේකම් රංජිත් රූබසිංහ අනුමත කර එම ගෙවීම සිදුකරන ලෙසට මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම බලපෑම් කර ඇත.

දිගින් දිගටම බලපෑම් කිරීමේ තත්ත්වය තුළ මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ගෙවීම සිදු නොකිරීමට තීරණයක් ගෙන ඇති අතර ඒ හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාල ධූරයෙන් ඉවත් කර වැඩ බලන සභාපති ධුරයට පත් හිටපු ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂක මණ්ඩලය විසුරුවා හැර ඇත.

රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙසට බලපෑම් කළද එම මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කරගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේය.

ඒ අනුව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ බලපෑමට නීති විරෝධීව ඉදිකිරීම් සමාගමකට ගෙවීමට ගිය රුපියල් මිලියන 150ක මුදල ගෙවීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝග කර ඇත.

TRENDING POST