බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ එරට විරෝධතා මෙහෙයවූ ශිෂ්‍ය ව්‍යාපාරයක නායකයන් දෙදෙනෙකු වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට යන තරුණයින් සඳහා බන්ග්ලාදේශ නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇති බවයි.
එම අමාත්‍යාංශ වනුයේ තැපැල්, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයයි.
අමාත්‍ය නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද් 26 වැනි වියේ පසුවන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වන අතර නව අන්තර්වාර රජයේ ළාබලතම අමාත්‍යවරුන් ලෙස දෙදෙනා ලෙස ඉතිහාස එක්වනු ඇති බව විදේශ මාධ්‍ය පවසයි.
පැවැති විරෝධතවලදී ඔවුන් දෙදෙනා පොලිස් පහරකෑමටද ලක්වූ අතර ඔවුන් විරෝධතා සංවිධානය කිරීම හේතුවෙන් එරට රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවටද පත්වූහ.
පොලිසියේ බලපෑම හමුවේ අත්අඩංගුවේ සිටියදී ඔවුන් ශිෂ්‍යය ව්‍යාපාරයෙන් ඉවත් වන බව වීඩියෝ පටයක් මුදා හරිමින් පැවැසුවද අත් අඩංගුවෙන් නිදහස් වූ වහාම නැවතත් විරෝධතාවලට නායකත්වය ලබා දීමට කටයුතු කළහ.
එරට නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුරේ දිවුරුම් දුන් ආචාර්ය මුහම්මද් යූනුස් නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඔහුට ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශය, සහ ජනමාධය අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ 27 ක වගකීම පැවැරී ඇති බව වාර්තා වේ.