Image

සුරාසැල් වසා තබන්නැයි නියෝගයක්.!

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යම දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙනු ඇත.

එමෙන්ම සුරා බදු දෙපාර්තමේන්තුව පවසන්නේ එදින සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇති බවයි.

TRENDING POST