Image

අඩු මිල මත්පැන් බෝතලයට එරෙහි බියර් මාෆියාවක්.. ජනපතිට පැමිණිලි.!

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩ පිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බවයි.

එම සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම මහතා පවසන්නේ, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් ය.

මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය මින් පෙර පැවති රජයන් විසින් නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේදී සහ කංසා වගා කිරීමට නීති ගෙන ඒමේදී නිහඬව සිටි අතර නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවද එම සංගමය පෙන්වා දෙයි.

එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහා පරිමාණයෙන් සහල් සහ සීනි භාවිතා කරන බවත් සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීති විරෝධී ක්‍රියාවක් බවත් එම ලිපිය මඟින් ජනපතිවරයා දැනුවත් කර තිබේ.

එමෙන්ම දැනට වෙළඳ පොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය සම්බන්ධයෙන්ද නිසි විමර්ශනයක් කළ යුතු බව උඩුගම මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.