Image

ලෝකයේ හොදම සංචාරක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය දිනා ගනී

ලෝකයේ හොදම සංචාරක මණ්ඩලය ( Best International  Tourism Board ) ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සම්මානය ( Global Tourism Awards – 2024 ) දිනා ගෙන සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 08/03 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම සම්මානය 08/02 දින රාත්‍රී  ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති උත්සවයක දී පිරිනමා තිබුණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මීට අවුරුදු දෙකකට පෙර බින්දුවේ සිට මේ වනවිට 100% වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර , ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඔවුන් ලෝකයේ සිදු කළ ප්‍රවර්ධන මෙහෙයුම ද මෙහිදී ඇගැයීමකට ලක් කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ සමය නොවන (Off Season ) පසුගිය ජූලි මාසය තුළ ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 187,000 ක් පැමිණ ඇති බවත් , ඒ අනුව මෙම අගෝස්තු මස 01 දින වනවිට ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් ලක්ෂ 12 ක් පැමිණ ඇති බවත් පැවසීය.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 08/03 දින උදෑසන 08.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය.

TRENDING POST