ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ සේවකයින්ට මෙම වසරට අදාළ ප්‍රසාද දීමනාවක් ලබා නොදීමටයි.
අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ මණ්ඩලය මෙම වසරේ විශාල ලාභයක් උපයා ඇතත්, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බවයි.
කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලැබීම හේතුවෙන් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දිය යුතු බව ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.
කෙසේවෙතත්, පැවති ආණ්ඩු යටතේ වසර දෙකක් විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනාව නොලැබුණද වර්තමානයේ තම වෘත්තීය සමිතිය නියෝජනය කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බැවින් ප්‍රසාද දීමනාව අනිවාර්යයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ

