වැට් බදු හේතුවෙන් මිල ඉහළ යාම නිසා පොත් අලෙවිය 30%කින් පහත වැටී ඇති බවත් පොත් ප්‍රකාශනය සදහා පනවා ඇති 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීමට ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග සදහන් කළේ,
“රජයට සති ගණනයි. අපි මේ යන්නේ මේ වෙලාවේ ඉල්ලීම් දිනාගන්න නෙමෙයි. බොහොම පැහැදිලිවම ජනාධිපති තුමා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිත් කිව්වා අපි ඊළඟ අයවැයෙන් මේ ගැන කතා කරමු කියලා. ඊළඟ අයවැයට කල් තියෙනවා.
ඉතින් අපිත් කල්තියාම කියනවා. වැට් බදු ගෙවන්න ඕනේ වාර්ෂිකව මිලියන 60කට වඩා පිරිවැටුපක් තියෙන අය. ඒ අය තමා ඒකට සුදුසුකම් ලබන්නේ. එහෙම අය පොත් ප්‍රකාශන හා මුද්‍රිත කේෂ්ත්‍රයේ ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒ අයට ක්ලේම් කරන්න බෑ. අපිට ක්ලේම් කරන්න බැරි වුණාට ඔක්කෝම ගෙවලා තියෙන්නේ.”

