රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ ආනයනික මාගරින් මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100කට හා කේක් කිලෝවක් රුපියල් 800 – 900ත් අතර මිලකට ලබාදිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.
එළඹෙන නත්තල් සහ අලුත් අවුරුද්දට පෙර පාන්, කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කර පාරිභෝගික ජනතාවට සහනයක් ලබාදිය හැකි බවත් ඒ සඳහා රජය කඩිනමින් තිරිඟු පිටි මිල සහ මාගරින් මිල අඩු කිරීමට පියවර ගනු ඇති බවට විශ්වාස කරන බවද සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කරයි.
මිල අඩු කිරීමට නම් රජය මැදිහත් වී දේශීය පිටි සමාගම් දෙක මගින් රුපියල් 195කට අලෙවි කරන තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150කටත් රුපියල් 1000ක්ව පවතින ආනයනික මාගරින් කිලෝවක් රුපියල් 700 – 800ත් අතර මිලකටත් මිල අඩු කිරීමක් සිදුකළ යුතු බවද සභාපතිවරයා සදහන් සදහන්.
මේ වනවිට තිරිඟු පිටි කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 45ක හා මාගරින් කිලෝවක් වෙනුවෙන් පනවා ඇති රුපියල් 600ක බද්ද අඩු කිරීමෙන් තිරිඟු පිටි මිල හා මාගරින් මිල අඩු කළ හැකි බවද සභාපතිවරයා සදහන් කරයි.

