Image

පාන් ගෙඩියක් රුපියල් 100ට දෙන්න පුළුවන්.. ඇමති වසන්තට කියයි.!

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයෝ සදහන් කරයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයෝ විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියෝ පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.

ඩොලරයේ මිල අඩු වුවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190කට බවත් ලෝක වෙළෙඳ පොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400ක් වුවද, මෙරට වෙළෙඳ පොළේ මාගරින් කිලෝවක් රුපියල් 900කට අලෙවි කරන බවද බේකරි හිමියෝ ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45ක බද්ද අඩු කර ඕනෑම අයකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම්වල ඒකාධිකාරය බිඳ වැටෙන බවද බේකරි හිමියෝ ඇමැතිවරයා හමුවේ කියා සිටියහ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.