Image

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අතර  එහි නව මිල රුපියල් 286 ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් නොකර ඇති අතර එහි මිල 313කි

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

TRENDING POST