ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ශ්රී ලංගම සහ පුද්ගලික දුරගමන් බස් රථ සඳහා ඒකාබද්ධ කලසටහන් ක්රියාත්මක කිරීම අද (25) ආරම්භ වන බවයි.
එහි පළමු පියවර ලෙස කොළඹ සිට පුත්තලම හලාවත මාර්ගයේ යාපනය දක්වා ගමන් ගන්නා බස් රථ සම්බන්ධයෙන් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක වන බව එහි සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්රපාල මහතා පැවසුවේය.
ඒ අනුව නව වැඩපිළිවෙළ බැස්ටියන් මාවත බස් නැවතුම්පලේ සිට ක්රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

