Image

පළමු කැබිනට් හමුවෙන්ම කපන මණ්ඩලයක් පත් කරයි.!

ඊයේ (30) රැස්වූ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

එම කමිටුව විසින් ඊට අදාළ පනත පිළිබඳව සැලකිල්ලට ගනිමින් සහ නීතිමය පසුබිම පිළිබඳව සොයා බලමින් එම වරප්‍රසාද අවලංගු කිරීමට අදාළ නිර්දේශයන් ඉදිරිපත් කරනු ඇත.

ඊයේ (30) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

TRENDING POST