Image

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට දක්ෂ ප්‍රවීණයන්.. බෙදෙන්නේ මෙහෙමයි.!

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දිම අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක ඉදිරියේ සිදුකිරීමට නියමිතව ඇත.

නව රජයේ කැබිනට් මණ්ඩලය අද (17) දිනයේ පත් කිරීමට නියමිත අතර උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් 25ක් පත් කිරීමට නියමිතව ඇත.

එම සියලුම දෙනා හෙට දිනයේ පත් නොකෙරෙනු ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතැම් අමාත්‍යංශ සදහා දෙදෙනකු බැගින් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමේදී අදාල විෂයට දක්ෂ ප්‍රවීණයන් පත් කිරීමට දැනටමත් සැලසුම් කර ඇති අතර මූලිකව අදාල වන දිස්ත්‍රික්කයකයන් සම්බන්දයෙන් සැලකිලිමත් වෙමින් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ලබාදීමට සැලසුම් කර ඇත.

අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක් හෝ ලබාදීමට මූලික වශයෙන් දැනටමත් සැලසුම් කර ඇති අතර ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුවෙමින් ඇත.

TRENDING POST