Image

System අලුත් වෙයි.. නඩු තැපෑලෙන් එයි.!

ශ්‍රී ලංකා පොලිසිය මගින් CCTV කැමරා ඔස්සේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර එම රථවාහන රියදුරන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා නව තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යාම සදහා නව මෘදුකාංගයක් Prima Management Services (pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙත පිරිනැමීම ඊයේ (21) සිදු විය.

වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ CCTV දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී. පී. ගමලත් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි කටයුතු සිදු විය.

කොළඹ නගරය ප්‍රධානව තදාසන්න නගර ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පොලිස් CCTV කැමරා පද්ධතීන් මගින් ලබාගන්නා රථ වාහන වැරදි ඇතුලත් වීඩියෝ දර්ශන ඇසුරින් යම් මාර්ග නීති කඩකිරීමක් සිදුකරන රියදුරෙකුට එරෙහිව සිදුකළ වැරැද්දට අදාළ දඩ පත්‍රිකාව රථය හිමිකරුගේ නිවසටම යොමුකරන ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසිය විසින් 2024 වසරේ පෙබරවාරි මස ආරම්භ කළේය.

එම ක්‍රියාවලිය සඳහා මේ දක්වා යොදාගත් මෘදුකාංගයේ සංකීර්ණත්වය හේතුවෙන් අදාළ රාජකාරිය සිදුකරන පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර මෙම නව මෘදුකාංගය හරහා එම කටයුතු කාර්‍යක්ෂම කිරීම පොලීසියේ අරමුණයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.