ආර්ථික ක්ෂෙත්රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු කරන ලද අදහස් දැකීවීමක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ එල්ලවන චෝදනා මත ශ්රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව ඇති බව වාර්තා වේ.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඉහළ නිලධාරියා එහිදී අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරණය ආසන්නයේදී එවන් ප්රකාශයක් කිරීම ගැන ඇතැම් දේශපාලඥයන් ඔහුට ප්රහාර එල්ල කිරීම සිදු කරයි.
දේශපාලන වේදිකාවේ ප්රකාරයන් එල්ල කිරීම හේතුවෙන් මෙම ඉහළ නිලධාරියා සිත් තැවුලකට පත්ව සිටින බවත් ධුරයේ තව දුරටත් සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලනු ඇති බවද වාර්තා වේ.